ඉදිරි පළාත් සභා මැතිවරණය තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. පළාත් සභා මැ...
මේ මොහෙතේ කඩිනමින් නායකත්වය වෙනස් කිරීමෙන් පක්ෂයට ඵලදායි නැති නමුත් පක්ෂය තරුණ නායකත්වයක් යටතට පත් කරන බවටද ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒ සඳහා පක්ෂය තුළ තරුණ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් සකස් කොට වගකීම් පවරා පාක්ෂිකයාට සමීප වෙමින් කටයුතු කරන ආකාරය ගැන සැලකිල්ලක් දක්වන බවටයි තීරණය වී ඇත්තේ.
පසුගිය 14 වැනිදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර නව නායකත්වයක් ඇතිකර ගැනීම සඳහා පාක්ෂිකයන්ගේ අදහස්වලටද ප්‍රමුඛතාවය ලබා දෙන බවයි.
ඒ අනුව තවත් යම් කිසි කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට ක්‍රියාත්මක වීමට සිදුවන අතර නව නායකයා තෝරා ගැනීමේදී දැනට ඉදිරිපත්ව තිබෙන නම් මෙන්ම නව වැඩපිළිවෙල යටතේ ස්වෙච්ජාවෙන් ඉදිරිපත්වන අය පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිතය.
කෙසේවෙතත් එම යාන්ත්‍රණයට කල රාමුවක් ලබා දී නැත.
දැනට ප්‍රකාශ වී ඇති ආකාරයට එළඹෙන ජනවාරි මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.
එහෙයින් එක්සත් ජාතික පක්ෂය නව තරුණ නායකත්වයක් යටතට පත්වීම සම්බන්ධයෙන් ඇත්ත ඇති සැටියෙන්ම දන්නේ ද වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම පමණි.
එය පළාත් සභා මැතිවරණයෙන් පසුව වන්නක්ද නැද්ද යන්න තවදුරටත් නිශ්චිත තින්දුවකටද එජාපය පැමිණ නැත.
COMMENTS