ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජංගම දුරකතන 07ක අැමතුම...
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජංගම දුරකතන 07ක අැමතුම් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් 26 දින මියගිය 24 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ ලහිරු ජනිත් දිසානායක නම් තරුණයා හා සම්බන්ධ වූයේ යැයි සැක කෙරෙන ජංගම දුරකතන 07ක දත්ත වාර්තා අනුව මෙම විමර්ශනය සිදු කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ.
සමාගම් 03කට අයත් ජංගම දුරකතන අංක 07ක් පිළිබඳ විමර්ශනය කිරීමට අවසර ලබා දෙන්නැයි පොලිසිය මඟින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කළ ඉල්ලීමක් අනුව මේ අවසරය ලබාදී ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අදාළ අවසරය ලබාදෙමින් දත්ත වාර්තා ලබාදෙන ලෙස දුරකතන සමාගම්වලට නියෝග කර තිබේ.
COMMENTS