ජනතාව ඉල්ලූ නව පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක්ම බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔ...
ජනතාව ඉල්ලූ නව පක්ෂයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක්ම බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ අද(10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
නව ජනතාවාදී පක්ෂයේ නායකත්වයට පත්විය යුත්තේ ජනතා දුක, ජනතා හැඟීම්, ජනතා වේදනාව හඳුනන නායකයෙකු බවත් ඊට සුදුසුම පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
“නෙළුම් පොහොට්ටුව“ ලකුණින් ආරම්භ කළ “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ“ නව පක්ෂයේ සභාපති ලෙස මාහචාර්ය ජී.එල් පීරිස් කටයුතු කරන අතර පක්ෂයේ ලේකම් භාණ්ඩාරගාරික යනාදී සියලු තනතුරු ඉදිරියේදී පත් කර ගන්නා බවත් පක්ෂයේ නායකයින් සම්මේලනයක් මගින් පත් කර ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS