රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මව්බිම් පුවත්පතේ සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු 03දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ ව...
රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මව්බිම් පුවත්පතේ සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු 03දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (10) නියෝග කළාය.
ඒ, එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04 ක් මතයි.
රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස් මහතා වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේය.
ඒ ඔහු ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත අයඳුම්පතක් අභියාචනාධිකරණයේදී සලකා බැලූණු අවස්ථාවේදීය.
එමෙන්ම ටිරාන් අලස් මහතාට අද දිනයේ මහාධිකරණයේ පෙනී සිටින ලෙසද අභියාචනාධිකරණය නියෝග කර තිබුණි.
ඒ අනුව ඔහු අද අධිකරණයට ගෙන එනු ලැබුවේය.
COMMENTS