කො ළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප සංඛ්‍යාව ලබාගත් මන්ත්‍රීවරයා ලෙස තමන්ට අමාත්‍ය ධුරයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් තමන්ගේ උනන්දු...
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළම මනාප සංඛ්‍යාව ලබාගත් මන්ත්‍රීවරයා ලෙස තමන්ට අමාත්‍ය ධුරයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් තමන්ගේ උනන්දුව ඇත්තේ නාගරික සංවර්ධන විෂයය කෙරෙහි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සරත් වීරසේකර මහතා පවසයි.
"මම හිතනවා මං ප්‍රථම ස්ථානය අරගෙන 328,092ක් ජනතාව මට සහාය දුන් නිසා මම හිතනවා මට අමාත්‍ය ධුරයක් ලැබෙයි කියලා. ඒ අමාත්‍ය ධුරය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට උපරිම සේවය කරන්න මම දැනටමත් සිතාගෙන සිටිනවා"
"මම බලාපොරොත්තු වෙන එකම අතිගරු ජනාධිපතිතුමා දේවි කියලා මං හිතන්නෙ නෑ. ඒවගේම අපි එහෙම ඉල්ලන්නත් අවශ්‍ය නෑ. නමුත් නගරයක් සංවර්ධනය කරන්න .. නාගරික සංවර්ධනය වගේ දේවල් ... අපි දන්නවා ආරක්ෂක ලේකම් හැටියට ජනාධිපතිතුමා ඉන්නකොට එතුමා මේ කොළඹ නගරය ඉතාමත් සුන්දර නගරයක් බවට වගේම ඉතාම සීඝ්‍රයෙන් දියුණු වෙන නගරයක් බවට පත්කළා මුලු ආසියාවෙම. ඉතිං එතුමාගේ සිහිනය සැබෑ කරන්නට නම් ඒවගේ අමාත්‍යාංශයක් මට ලැබුණොත් මම හිතනවා අනිවාර්යයෙන්ම මට පුළුවන් එතුමාගේ සිහිනය සැබෑ කරන්න.
අපි බලමු මට මොනවගේ අමාත්‍යාංශයක් ලැබෙයිද කියලා. ජ්‍යේෂ්ඨත්වය පමණක් නෙවෙයි මං හිතන්නෙ යම්කිසි කෙනෙකුට වැඩක් කරන්න පුළුවන්ද, ඔහු වැඩ කරලා තියෙනවාද, ඔහුගේ වෘත්තීය දැනුම, ඔහුගේ කාර්යක්ෂමතාවය ... මෙන්න මේ දේවල් තමයි වැදගත් වෙන්නෙ. ජ්‍යේෂ්ඨත්වය පමණක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS