ප‍්‍ර බල පාතාල කල්ලි සාමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ වි...
ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා. විෂ ශරීරගත වීමකින් හෝ හෘදයාබාධයකින් අංගොඩ ලොක්කා මියගොස් ඇති බවටයි බුද්ධි අංශ වෙත මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.
ඒ අනුව, අංගොඩ ලොක්කා සැබෑ ලෙසම මියගොස් ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ විමර්ශන සිදු කරන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මෙරට මත්කුඩු ජාවාරම මෙන්ම පුද්ගල ඝාතන ගණනාවක් මෙහෙයවීම සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට චෝදනා එල්ල වී තිබෙනවා. කළුතර උතුර ප‍්‍රදේශයේදී බන්ධනාගාර බසයකට වෙඩි තබා පාතාල සාමාජික සමයං ඝාතනය කිරීම, මාකදුරේ මධූෂ්ගේ උපදෙස් මත අංගොඩ ලොක්කා විසින් මෙහෙයවූ බවටයි විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ.
එම සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබුණු බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

COMMENTS