දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ - තාත්තට පුළුවන් නම් පුතාටත් පුළුවන්" - සජිත්
Homeප්‍රවෘත්ති

"ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ - තාත්තට පුළුවන් නම් පුතාටත් පුළුවන්" - සජිත්

PropellerAds

ක වුරු කුමන විවේචන සිදුකළ ද, සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාව ලබාදීම තම රජයක් යටතේ සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප...

ජනනාත් වරකාගොඩට ඇප
නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 3 කට අත්හිටුවයි
නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි - තාවකාලික විදුලි විසන්ධි කිරීමක්
වුරු කුමන විවේචන සිදුකළ ද, සෑම පවුලකටම රුපියල් 20,000ක දීමනාව ලබාදීම තම රජයක් යටතේ සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, පන්නල පැවති ජනහමුවක් අමතමිනි.

සුළු හා මධ්‍යම පාන්තිකයින්ගේ සිට දෛනික වැටුප් ලබන පුද්ගලයින් දක්වා සියලු දෙනාට එම දීමනාව ආර්ථිකය ගොඩනැඟෙන තෙක් ලබාදිය යුතු බව ද ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

නමුත් තමන්ගේ යෝජනාවට අද වනවිට අමුතුම සන්ධානයක් එකතු වී මඩ ප්‍රහාර එල්ල කරන බව ද පැවසු ඒ මහතා, මහජනතාවට යමක් ලබා දෙන බව පැවසු විට සියලු දෙනා ප්‍රශ්න කරන බව ද කියා සිටියේය.

තමන්ගේ පියා රට තුළ යුද්ධයක් පවතින කාලයක දී පවා නිල ඇඳුම්, දිවා ආහාර  ලබා දුන් බව පැවසු සජිත් ප්‍රේමදාස මහතා, “තාත්තාට පුළුවන් නම් පුතාටත් පුළුවන්“ යනුවෙන් පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"අද රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා කිසිම ආර්ථික සැලැසුමක් මේ ආණ්ඩුවට නෑ. ආර්ථික විශේෂඥයෝ යැයි කියා ගන්නා අය මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. දවස ගානේ මාධ්‍ය සිරස්තලවල විතරක් ලොකුවට පෙනී ඉන්නවා විතරයි කරන්නේ. අපේ ආණ්ඩුවක් මගින් මේ ක්‍රමවේදය වෙනුවට සහන ක්‍රම 3ක් ලබා දෙනවා. සියලුම දුප්පත් පවුලක් සඳහාම මසකට රු. 20000ක් දෙනවා. 4%ට සහන පොලී පදනම මේ ආණ්ඩුව යටතේ දෙනවා කියන ණය මුදල් තවම කිසිවෙකුට දීලා නම් නෑ. අපේ රජයක් මගින් ඒ සියලු දෙනාට 4%ට පොලී සහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. බොරුවට මාධ්‍ය ඉස්සරාහට ඇවිල්ලා මේ සජිත් ප්‍රේමදාස පම්පෝරි ගහන්නේ නෑ. රණසිංහ ප්‍රේමදාසලා දෙනවා කිව්වොත් කරනවා කිව්වොත් කරලා පෙන්නන අය. ඒ නිසා මේ රටේ සියලු ජනතාව ජන සවියෙන්, ජන ශක්තියෙන්, ශ්‍රම ශක්තියෙන් නැගිටන යුගය වැඩි ඈතක නෙමෙයි. එළැඹෙන දවස් කීපයේ දී මේ රටේ රාජ්‍ය සේවකයාට දෙපාරක් නොහිතා දුරකතනය ඉදිරියේ ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා."

"ඒ වෙන මොකවත් නෙමෙයි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප අතිකාල දීමනා, අනෙකුත් අවශ්‍ය සියලු දේවල් අද මේ ආණ්ඩුව කපලා ඉවරයි. මූලික වැටුප එකතු කරපු රුපියල් 10000 එහෙම පිටින්ම කපලා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිය සියයට අටේ සිට පහ දක්වා අඩු කරලා. මෙහෙමයි මේ ආණ්ඩුව අද රාජ්‍ය සේවකයා දිහා හිතලා වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්න කැමතියි මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන ඒ සියලු දෙනා හට අපේ රජයක් යටතේ සියලු වරප්‍රසාද වරදාන ලබා දෙනවා කියලා. පසුගිය ජනාධිපතිවරණයේ දී රට විරුවන්ගේ රණ විරුවන්ගේ කර මතින් ඡන්දේ කරපු මේ උදවිය ඒ සියල්ල අද අමතක කරලා. අපේ රජයක් මගින් මේ කොබෙයිගනේ, කොටවෙහෙර, රස්නායකපුර හා නිකවැරටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අසරණ ජනතාව සඳහා පිරිසුදු නිරවුල් ඔප්පු, සින්නක්කර ඔප්පු, කෘෂි කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ජලය සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ - තාත්තට පුළුවන් නම් පුතාටත් පුළුවන්" - සජිත්
"ප්‍රේමදාසලා ළඟ බොරු පම්පෝරි නෑ - තාත්තට පුළුවන් නම් පුතාටත් පුළුවන්" - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhQeJ3BXtyy_qXneuYm20XXqvZRA9V1svYRH_qjJr2tTdI3RSsPkjYX5xT6KejBmvQ5pUgU_wzYrlMLySQedbKr-AkVhG8VaiOrcgLwljSgKP931Di6xfTfwa8I1CW3gDC1iHjnTT6bD4/s320/265d9dc081b6dd0e713bc4a0d58d4b74_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhQeJ3BXtyy_qXneuYm20XXqvZRA9V1svYRH_qjJr2tTdI3RSsPkjYX5xT6KejBmvQ5pUgU_wzYrlMLySQedbKr-AkVhG8VaiOrcgLwljSgKP931Di6xfTfwa8I1CW3gDC1iHjnTT6bD4/s72-c/265d9dc081b6dd0e713bc4a0d58d4b74_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_437.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_437.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy