Covid-19 වයිරසය ව්‍යාප්ත වූ කාලයේදී ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ දහයක සිල්ලර මිල ඉහළ නැංවීමට පියවර ගත් මෙරට ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් පහකට ඖෂධ ලියා...
ජාතික ඖෂධ නියාමන පනතේ රෙගුලාසි උල්ලංඝනය කරමින් පූර්ව අනුමැතියකින් තොරව අත්තනෝමතිකව මෙම සමාගම් ඖෂද වර්ග දහයක මිල ඉහළ දමා ඇති බව අධිකාරියේ නීති නිලධාරී එච්.ඒ. පුෂ්පමාලා පැවසුවාය.
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව තවත් පීඩාවට පත් කරමින්, ඖෂධ ලියාපදිංචි කොන්දේසි උල්ලංඝනය කරමින් මෙම සමාගම් ඖෂධ මිල ඉහළ නංවා ඇති බව ද ඇය පවසන්නීය.
මෙසේ ඖෂධ ආනයනය කිරීමේ හා ලියාපදිංචි කිරීමේ බලපත්‍ර අවලංගු කර ඇත්තේ හේමාස් ෆාමසියුටිකල්ස් (පුද්) සමාගම (Hemas Pharmaceuticals (Pvt) Ltd), සීමාසහිත බවර් ඇන්ඩ් කෝ (පුද්) සමාගම (A Baur & Co (Pvt) Ltd), යුරෝ ඒෂියන් ෆාමා (පුද්) සමාගම (Euro Asian Pharma (Pvt) Ltd), පෙට්ටා ෆාමසි (පුද්ගලික) සමාගම (Pettah Pharmacy (Pvt) Ltd) සහ රොබට් හෝල් සහ සමාගම (පුද්) සමාගමේ (Robert Hall & Co (Pvt) Ltd) බලපත්‍රය.
මොවුන් විසින් අධික රුධිර පීඩනය, දියවැඩියා, පිළිකා, විටමින් වර්ග, විෂබීජනාශක, වේදනා නාශක ඖෂධ වර්ග දහයක මිල මෙලෙස වැඩිකර ඇති බව පැවසේ.
අදාළ ආයතනවල බලපත්‍ර අහෝසි කර ඇත්තේ 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 65 වන වගන්තිය යටතේය.
කෙසේවුවද, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ඖෂධ කර්මාන්ත කරුවන්ගේ (Sri Lanka Chamber of the Pharmaceutical Industry (SLCPI) සංගමයේ සාමාජිකයකු කියා සිටියේ 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 65 වන වගන්තියේ දක්වා ඇති කොන්දේසි කිසිවක් මේ සමාගම් විසින් කඩ කර නොමැති බවයි.

COMMENTS