දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙනෙකුට දරුවන් අහිමි වේදනාවත් විහිළුවට ගන්න පුළුවන්ද ? අගමැතිතුමෝ, ලැජ්ජයි ! - හිරුණිකා
Homeප්‍රවෘත්ති

කෙනෙකුට දරුවන් අහිමි වේදනාවත් විහිළුවට ගන්න පුළුවන්ද ? අගමැතිතුමෝ, ලැජ්ජයි ! - හිරුණිකා

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතාට දරුවන් නොමැති වීම උපහාසයට ලක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය යනු දේශපාලනඥයකුට කළහැකි අ...

ඇන්ටිජන් කට්ටල විතරක් වැඩක් නෑ. ඇන්ටිබොඩි සහ ස්ථානීය PCR කට්ටලත් ඕනෑ. කවුද මේ තීන්දු ගන්නෙ ? - කුමුදේශ්
විල්පත්තු අභියාචනාධිකරණ තීන්දුව : තීන්දුව දුන් විනිසුරුවරු ඉදිරියේම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවට රිෂාඩ් අභියෝග කරයි
තර්ක කර කර ඉන්න අවශ්‍ය නෑ, රුවන් විජේවර්ධන තමයි රනිල්ගෙන් පසු එජාප නායකයා - රංගේ
ජිත් ප්‍රේමදාස මහතාට දරුවන් නොමැති වීම උපහාසයට ලක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය යනු දේශපාලනඥයකුට කළහැකි අධමතම, නින්දිතම ප්‍රකාශයක් බවත් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහු ඒ පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතු බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

"අපේ රටේ අගමැතිතුමා කියනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් අපේ හාමුදුරුවනේ මේ රාජසභා මණ්ඩපය අයිති රජතුමා බිසෝවරුන් කීපදෙනෙක් විවාහ කරගෙන හිටියාලු, අන්තිමට හිටපු මුස්ලිම් ලු. දෙයියනේ මට හිතාගන්න බෑ රටේ අගමැතිතුමාගෙ වයසත් එක්ක තක්කඩිකම මතුවෙනවද, නැත්තම් කොහොමත් එයාගෙ විදිහ ඔය.

තමුන්ගෙ නෝනා කතෝලික. තමුන්ගෙ පොඩි පුතාගෙ නෝනාත් කතෝලික. පොඩි පුතාගෙ පුතාව බෞතීස්ම කළා මේ ළඟදි. තමුන්ගෙ මස්සිනා දෙමළ. බැසිල්ගෙ දුව සුද්දෙක් බැඳලා ඉන්නෙ. එහෙම ඔක්කොම තියාගෙන පපුවට ගහගන්නවා රට ජාතිය ආගම ශ්‍රී ලංකාව කිය කියා. ඔය වගේ සිය දහස් ගණනක අන්තඃපුරයක් හිටියා කාශ්‍යප රජතුමාට. එහෙනම් එයාගෙත් චරිතෙ හොඳ නෑ කියලා සීගිරියත් ඩෝසර් කරලා දාන්න කියයි.

මේ අග්‍රාමාත්‍යතුමාගෙ තක්කඩිම, අන්තිම අධම වචනෙත් පිටවුණා මේ ඊයෙ පෙරේදා. මොකද ප්‍රසිද්ධ වේදිකාවෙ කියනවා රෑට මොනවා හරි කරනවා නම් ගෙවල්වල දොරවල් එහෙම වහගෙන කරන එකක් කරන්නලු, මොකද සජිත් එයිලු නැත්නම්. මිඩ්වයිෆ් එනවාලු කියනවා, හැබැයි සජිත්ගෙ ගෙදරට නම් ජීවිතේට මිඩ්වයිෆ් කෙනෙක් එන්නෙ නැහැලු. ඇත්තටම ලැජ්ජයි !

තාත්තා කෙනෙක්, මුණුපුරු මිනිපිරියන් ඉන්න සීයා කෙනෙක් කියනවා තව කෙනෙක්ට ළමයි නැති හින්දා මිඩ්වයිෆ් ඒගොල්ලොන්ගෙ ගෙදරට එන්නෙ නැහැලු. මේ තරම් අධම කතාවක් අගමැති කෙනෙකුට කියන්න පුළුවන්ද ? අගමැති කෙනෙක්ට තියා මනුස්සයෙක්ට කියන්න පුළුවන්ද ? ඒ කවුරුහරි දරුවෙක් නැති පුද්ගලයෙක් උදේ ඉඳන් රෑ වෙනතෙක් මොන තරම් මානසික වධයක් විඳිනවා ඇද්ද ? යම්කිසි සෞඛ්‍යමය හේතුවක් නිසා හෝ යම්කිසි හේතුවක් නිසා කවුරුහරි පවුලකට දරුවෙක් නැති එක මිනිස්සු පිරිසක් ඉස්සරහා විහිළුවට ලක් කරන්න තරම් අග්‍රාමාත්‍යතුමා අමනුස්සයෙක් වුණේ කොහොමද ?

ඒක කියලා ඉවරවෙලා සෙනඟ මොනවා හරි අසභ්‍ය දේවල් ටිකක් කියනවා, එතකොට හෝව් හෝව් ඕවා කියන්න එපා කියනවා. ඒ කියන්නෙ තමුන් අවුස්සලා තියලා මිනිස්සු ටිකව ඒ මිනිස්සු ජරා කතා කියනකොට හෝව් හෝව් එපා කියනවා. ඉතාමත්ම මානුශීය දේවල් අල්ලාගෙනත් මිනිස්සුන්ව විහිළුවට ලක්කරන මේ වගේ අය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (22) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙනෙකුට දරුවන් අහිමි වේදනාවත් විහිළුවට ගන්න පුළුවන්ද ? අගමැතිතුමෝ, ලැජ්ජයි ! - හිරුණිකා
කෙනෙකුට දරුවන් අහිමි වේදනාවත් විහිළුවට ගන්න පුළුවන්ද ? අගමැතිතුමෝ, ලැජ්ජයි ! - හිරුණිකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxFuuqY1bmadlst_4nemrZ9KzxQK9XjPQtv4Cwyt_Sj5hOwaYogHVRPGVOA6GnNP_Pt2X3IyeZ77GMBMVBhcvBejXvNu_HYixcPjsFknhm5S8PNqKIyJhpwm3yf3WZEYmGmI0BUP1Q2fQ/s320/image_85f52860ef.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxFuuqY1bmadlst_4nemrZ9KzxQK9XjPQtv4Cwyt_Sj5hOwaYogHVRPGVOA6GnNP_Pt2X3IyeZ77GMBMVBhcvBejXvNu_HYixcPjsFknhm5S8PNqKIyJhpwm3yf3WZEYmGmI0BUP1Q2fQ/s72-c/image_85f52860ef.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy