පා ස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රභූආරක්ෂක අංශය විසින් තමන්ගේ ආරක්ෂක නිලධාරියාටත් ලිඛිතව පූර්ව දැනුම්දීමක් කර තිබුණු නමුත් ඔහු ඒ පිළ...
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රභූආරක්ෂක අංශය විසින් තමන්ගේ ආරක්ෂක නිලධාරියාටත් ලිඛිතව පූර්ව දැනුම්දීමක් කර තිබුණු නමුත් ඔහු ඒ පිළිබඳව තමන්ව දැනුවත් කර නොතිබුණු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
“ඔය කතාවට අපි කලින් ඉඳන්ම පිළිතුරු දීලා තියෙනවා. ඇත්ත කතාව ගත්තොත් මගේ හිටපු ප්‍රධාන පොලිස් නිලධාරියාට ලියුමකින් දන්වලා තියෙනවා. හැබැයි ඒ කිසිම නිලධාරියෙක් ඒක ප්‍රභූවරයාගේ අවධානයට යොමුකරලා නෑ.
දැන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක හැටියට එවෙලේ ඉඳිද්දි එතුමා ළඟ ඉඳපු ඒ ප්‍රධානියාට දන්වලා ඇති. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔහු ඒක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට දැන්වූවා කියලා. පෞද්ගලිකව ගත්තොත් මගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරියාට දන්වලා තියෙනවා, එයා මට දන්වලා නෑ.
ඒක ඒගොල්ලෝ කවුරුත් රිලැක්ස් වෙලානෙ. අනික ඔය වගේ දෙයක් මේ ලියුම් කෑල්ලකින් නෙවෙයිනේ දන්වන්න ඕනේ. මෙහෙම ප්‍රහාරයක් එනවා නම් සියලුම ප්‍රභූ ආරක්ෂක අංශයේ අය ගෙන්වලා... එහෙමනේ අපේ කලින් ආණ්ඩුව තිබුණු කාලේ ඔය වගේ අනතුරු හැඟවීම් කළේ. නිකම් කොළේකින් ඔහොම එකක් එව්වාට ඒ නිලධාරින් ඕක සැලකිල්ලට භාජනය කළේ නෑ.
එතන වරද තියෙන් අපේ නෙවෙයි නේ. ඒ ආණ්ඩුව ඒ ප්‍රභූආරක්ෂක අංශය මෙහෙයවපු අය දැනගන්න ඕනේ ඒ වගේ බැරෑරුම් කාරණයක දී ලියුමක් ඇරලා හරියන්නේ නෑ, ගෙන්නලා කතා කරලා, තත්ත්වය පැහැදිලි කරලා, ගත යුතු පියවර මොනවද කියලා, ප්‍රභූවරයා දැනුවත් කරන්න කියලාත් අවධාරණය කරන්න. එහෙම නොකර වගකීමෙන් බේරෙන්න ලිපියක් යැවීම නිසා තමයි අදාළ සන්නිවේදනය නොවුණේ’’ යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS