දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!
Homeප්‍රවෘත්ති

කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!

PropellerAds

පොදු ව්‍යුහය මෙසේ වන විට ඊට අනුව කටයුතු කරනවා මිස එය අභියෝගයට ලක් කිරීම අවශ්‍ය නොවන්නකි. මක්නිසාද එම පොදු ව්‍යුහයෙන් කිසිදු අසාධාරණයක් හෝ...

රජරට පීඨ 3ක් වසා දමයි
අධ්‍යාපනයේ දූෂිත නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් - අගමැතිගෙන් නියෝගයක්
ජයන්ත සමරවීර රිමාන්ඩ්
කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!

පොදු ව්‍යුහය මෙසේ වන විට ඊට අනුව කටයුතු කරනවා මිස එය අභියෝගයට ලක් කිරීම අවශ්‍ය නොවන්නකි. මක්නිසාද එම පොදු ව්‍යුහයෙන් කිසිදු අසාධාරණයක් හෝ වංචාවක් නොවන හෙයිනි. එහෙත් ඊට පුද්ගලයෙක් හෝ ආයතනයක් එරෙහි වන්නේ නම් එක්කෝ ඒ ගොන්කමටය. නැත්නම් කට්ටකමටය.

රටේ ස්වභාවය අනුව පොදු ව්‍යුහයෙන් පිටපනින්නේ ගොන්කමට නොව කට්ටකමටය.  මහාමාර්ග හා අධිවේගී මාර්ග රක්ෂණය කිරීමේදීද මේ කට්ටකම සිදුව තිබේ. 2015.07.14 දිනැති මුදල් අමාත්‍යංශයේ පී.එන්./අරමුදල්/04/152 ගොනුව දරණ අංකය යටතේ රාජ්‍ය ආයතන සඳහා රක්ෂණාවරණ ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය පැහැදිලි ලෙස සඳහන් කර තිබියදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය එය තඹ දොයිතුවකට මායිම් නොකර නොසෙල්වෙනු ඇතැයි සිතන සිය දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කර ඇත. පිටත වරටවුම් ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදිවන මාර්ගයේ රක්ෂණාවරණය සම්බන්ධයෙන් එම නීතියෙන් පිටපැනීම සිදුව තිබේ. එම රක්ෂාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ වෙනත් රාජ්‍ය රක්ෂණ ආයතනයකට ලබා නොදී පෞද්ගලික ආයතනයකට ලබා  දීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ආමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. ඒ පිළිබඳ  ලිඛිතව දැනුම් දීමක් කරමින් හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය  වත්මන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරන්නේ රජයේ නියමයට අනුව රාජ්‍ය ආයතන වල රක්ෂණ කටයුතු සිදු කිරීමේදී රාජ්‍ය රක්ෂණ ආයතනයකට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. 2010 වසරේ මාර්තු 05 වන දින පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතියේ දකුණු කොටසේ රක්ෂණ බැඳුම්කරය පෞද්ගලික ආයතනයකට දී  තිබියදී ඉහත චක්‍රලේඛනය හේතුවෙන් පැවති රක්ෂණාවරණය අවලංගු කර එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දුන් බවද අබේවර්ධන අමාත්‍යවරයා සිහිපත් කර ඇත.  ඒ අනුව භාණ්ඩාගාර චක්‍රලේඛනය උල්ලංඝනය නොකර පිටත  වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් රක්ෂණය  රාජ්‍ය රක්ෂණ ආයතනයකට ලබා දෙන ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.  

මහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පිටත  වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදිවන මාර්ගයේ රක්ෂණාවරණය සලසා ගෙන ඇත්තේ Continental Insuarance නමැති ආයතනයෙනි. එහි කළමනාකාර අධ්‍යක්ෂක වරයා වන්නේ චමින්ද ඩි සිල්වා නමැති පුද්ගලයාය. ඔහු විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරයි. ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. නියමිත චක්‍රලේඛනය පවා පසෙකින් තබමින් Continental Insuarance ආයතනයෙන් එම රක්ෂණාවරණ  පහසුකම් ලබා ගන්නේ ඇයි?  

කිසිදු ප්‍රශ්නයක් නැත. සියලු ගණුදෙනු සිදුවන්නේ එකම මේසයක දෙපැත්තේ හිදිමින් වන නිසාත් ඊටත් එහා ගිය දේශපාලන බලයේ උන්මාදය නිසාත්  කිරිඇල්ල අමාත්‍යවරයා සිය උපදේශකයාගේ පෞද්ගලික ආයතනයෙන් රක්ෂණ පහසුකම් සලසා ගැනීම අරුමයක් නොවේ. අවසානයේ කොහෙන් වැටුණත් පංගුව මගහැරෙන්නේ නැත. අපේ දේශපාලනයට මේවා අරුම පුදුම දේවල් නොවේ. දේශමාමක, ජනතාවාදී දේශපාලනයේ ස්වභාවය එයයි. රටේ නම ගිය මැම්බරයෙක් වීම පරම්පරා හත අටකට ගොඩයෑමක් බව අපේ අත්තලා මුත්තලා පැවසුවේ කටකහනවට නොවන වග නැවත නැවත තහවුරු වන්නේ මෙවැනි කතන්දර ඇහෙනවිටය.  

කෙසේ නමුත් දරාගත නොහැකි කාරණය වන්නේ දේශපාලන එදිරිවාදීන් පට්ට පතුරු ගසමින් යහපාලයක් ගැන ඉස්ම යන්න කියමින්  ඇස්  වසා ගහන ගැහිල්ලය. 

ආශිකා බ්‍රාහ්මණ

certificate

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!
කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!කිරිඇල්ලගේ තවත් ගැහිල්ලක්!
http://ift.tt/2zLM97H
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_391.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_391.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy