2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මු...
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ තහනම් නියෝගය බල පැවැත්වෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැවසීය.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රවි කරුණානායක ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නියෝග කර තිබේ.
කෙසේවෙතත් මෙම නියෝග තුළින් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට කිසිදු බාධාවක් සිදු නොවන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාස් මහතා සඳහන් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සියලු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන බවය.
ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම්, අද සිට සති හයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා එතැන් පටන් තවත් සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් නඩුව පාර්ශවකරුවන්ට නියෝග කර තිබේ.

COMMENTS