කො රෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇ...
කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.
ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර බිහිවී ඇතැයි සැක සහිත බව ද ඔහු පැවසීය.
කන්දකාඩු මධ්‍යස්ථානය ආසාදිතයන් මීට වඩා වැඩි බවට තොරතුරු ඇති බවත් පැවසූ ඔහු ආසාදිත වූ පුද්ගලයන්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගෙන ඇත්දැයි නොදන්නා බවද සදහන් කරයි.
එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස ගැන තොරතුරු වාර්තා නොවන බවත් මේ වන විට කීදෙනෙක් නිවෙස්වලට ගොස් ඇත්දැයි නොදන්නා බවත්, වැලිකඩ බන්ධනාගාරයේ කී දෙනෙකු ආසාදිත දැයි නොදන්නා සේම ඔවුන් කී දෙනෙක් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත්දැයි තොරතුරු නැති බවද ඒ මහතා පැවසීය.
වෛරසය සමාජයට යාම පාලනය කරගත් නමුත් ඇති වී තිබෙන නව තත්ත්වය පාලනය කරගත නොගතහොත් තත්ත්වය භයානක විය හැකි යැයි ද ඔහු අනතුරු අඟවා සිටී.

COMMENTS