බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර...
බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර තිබේ.
උන් වහන්සේ මේ වන විට ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (02) පෙරවරුවේ විහාරස්ථානයේ මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වෙයි.
හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන උන්වහන්සේගේ ඉළඇට කිහිපයකට හානි සිදුවී ඇති බව ද සඳහන් වේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උන්වහන්සේ අද පස්වරුවේ ශල්‍යකර්මයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කර යවන බවයි.
මේ අනතුර සිදුවන අවස්ථාවේ සිටි ඇත්ගොව්වා දැක්වුයේ මෙවැනි අදහසකි.
“සියඹලා දෙන්න ආවේ. හොඳට කව කව හිටියේ. එක පාරට අල්ල ගත්තා, බිමට වැටුණා, දළ දෙකෙන් අයින්න ගියා. ඒක වැදුනේ නැහැ. මම කෑගැහුවට පස්සේ හොඩේ ඉස්සුවා. උස්සලා ගත්තා නායක හාමුදුරුවන්ව.”
එම වීඩියෝව පහතින්,
COMMENTS