දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක් - සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි
Homeප්‍රවෘත්ති

දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක් - සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි

PropellerAds

ස ජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මාතරට ඡන්දය ඉල්ලන මංගල සමරවීර දෙතුන් දවසකට පෙර හිටි හැටියේ ප්‍රකාශ කළේ තමා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවය. ...

ගණිකා වෘත්තියේ යෙදීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුණු 24 හැවිරිදි තරුණිය
බොරුවට මැරුණු සැමියා නිසා ඇත්තටම මැරුණු චීන බිරිඳක්
ලොව දෙවැනි විශාලතම ගුවන් යානය මත්තලට
ජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මාතරට ඡන්දය ඉල්ලන මංගල සමරවීර දෙතුන් දවසකට පෙර හිටි හැටියේ ප්‍රකාශ කළේ තමා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවය. දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වූ නූල් සූත්තරකාරයකු ලෙස ප්‍රකට මංගලගේ මේ තීරණය ඔහුගේ තවත් අඩව්වක්දැයි ඔහුගේ අතීත දේශපාලන ක්‍රියාකාරකම් ගැන බලන විට සිතීම සාධාරණය. එබැවින් අප කල්පනා කළේ මංගලගේ මේ හදිසි වෙනස ගැන ඔහුගෙන්ම අසා දැනගන්නටය.

ඔබම කියන විදිහට ඔබ දැන් මන්ත්‍රී දේශපාලනයෙන් සමු අරගෙන. මෙතැනින් එහාට මොකද්ද කරන්න යන්නේ?

අද පාර්ලිමේන්තුව කියන්නේ හොරුන්ගේ එහෙම නැත්නම් අයථා කටයුතුවලින් මුදල් උපයන පාතාලයන්ගේ තිප්පොළක් බවට පත්වෙමින් තියෙන්නේ. එතැන කරන කතා. හැන්සාඩ් එකට යනවා විතරයි. ඒවායින් රටට යහපතක් වෙන්නේ නෑ. මේ කාරණා නිසා මම හිතුවා පාර්ලිමේන්තුවේ ඉන්නවාට වඩා පිටස්තරව ඉඳගෙන විශේෂයෙන්ම මම විශ්වාස කරන මූලධර්මයන් හා ඇගයීම් තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පොපියන ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව හා සමාජ කුහකත්වය කියන දේවල්වලට එරෙහිව, පුද්ගලයෙක් විදිහට පක්ෂ පාට භේදයකින් තොරව මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා.

කොහොමද ඒක කරන්නේ. මොකද්ද ඔබේ සැලැස්ම, කවුද ඒකේ නායකත්වය ගන්නේ?

‍මේ රටට අවශ්‍ය නායකයෝ නෙවෙයි. මේ රටට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක්. මේ රට කුණුවෙලා තියෙන්නේ. නිදහස ලබලා ගෙවුණු අවුරුදු 72 ඇතුළත මේ රට පාලනය කරපු, ඡන්දේ දීපු, ඡන්දේ නොදීපූ හැම දෙනෙක්ම මේ තත්ත්වයට වගකියන්න ඕන මමත් ඇතුළුව. දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පාර්ලිමේන්තුවෙන් විසඳන්න පුළුවන්කමකුත් නෑ. තුනෙන් දෙකේ බලයක් ලබා දීලා විසඳන්න පුළුවන්කමකුත් නෑ. මේක හමුදා පාලනයකින් විසඳන්නත් බෑ, මේ රටට, ලෝකයත් එක්ක ඉදිරියට යන්න නම් දැන්වත් අපේ රටේ තරුණ තරුණියන්ට නූතන ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. ඉතිං මේ සඳහා ඉදිරි වර්ෂ කීපය තුළදී ජනතාවත් එක්ක සංවාදයක යෙදිලා ඒ මගින් යම් වෙනසක් කරන්න උත්සාහ කරනවා. ඒ දේ කරන්න පුළුවන් වුණොත් මම ඉතාමත්ම සතුටු වෙනවා.

ඔය කියන්නේ තවත් දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් ගැනද?

තවත් දේශපාලන පක්ෂයක්වත්, සන්ධානයක්වත්, ෆෝරම් එකක්වත් හදන්න මට වුවමනාවක් නෑ. ඒ වගේම මට එවැනි තැනක නායකයෙක් වෙන්න වුවමනාවකුත් නෑ. මේ රටේ මම විශ්වාස කරන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගන්න වැඩකරන්න පුළුවන් මිනිස්සු ​ගොඩක් ඉන්නවා.මට අවශ්‍ය කරන්නේ ඒ මිනිස්සු කණ්ඩායමේ එක්කෙනෙක් වෙන්න විතරයි.

දැන් කවද්ද ඔය වෙනස කරන්න ආරම්භ කරන්නේ?

එහෙම ආරම්භ කරන්න දින, නැකත් මගේ ළඟ නෑ. එදා මම තියපු මාධ්‍ය සාකච්ඡාවත් ඒ වෙනස කරා යන ගමනේ එක පියවරක්. ඒ වගේම අවුරුදු 30 කට වඩා කාලයක් තිබුණු මගේ මාතර කාර්යාලය මම වහන්නේ නෑ. ඒ කාර්යාලය මම දිගටම පවත්වාගෙන යනවා. නමුත් දැන් ඒ කාර්යාලය පවත්වාගෙන යන්නේ යම් කොන්දේසි උඩ. ඒ කාර්යාලය පක්ෂයකට, පාටකට, ජාතියකට, කුලයකට සීමා වෙන්නේ නෑ. විශේෂයෙන්ම ජාතිවාදී නොවන, කුලවාදී නොවන, ආගම්වාදී නොවන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ඕනෑම කෙනකුට මගේ කාර්යාලය මම විවෘත කරනවා. ඒ අය ජේවීපි වෙන්න පුළුවන්, යූඇන්පී වෙන්න පුළුවන් ,ශ්‍රීලනිප වෙන්න පුළුවන්, පොහොට්ටුවේ වුණත් වෙන්න පුළුවන්. කිසිම පක්ෂයකට නැති බහුතරයක් වෙන්නත් පුළුවන්. මොකද අපි මේ හැම වෙලේම පක්ෂ ගැන කතා කළාට අමතක කරන්න එපා කිසිම පක්ෂයකට නැති ජනතාව තමයි මේ රටේ බහුතරය. ඉතිං ඒ අයට වුණත් ඒ අයගේ හඬ නගන්න තැනක් අවශ්‍ය නම් මම ඉන්නවා.

දැන් ඔය විදිහට ‘මන්ත්‍රී දේශපාලනයෙන්‘ සමුගන්න එක රැයින් හිතුණා නෙවෙයිනේ. මේ වගේ බරපතළ තීන්දුවක් ගන්න හිතුවේ ඇයි?

මම හරියටම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තා. මොකද මහින්ද රාජපක්ෂගේ ආගමනයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතෙක් තිබුණු මධ්‍යස්ථ ප්‍රතිපත්තිවලින් බැහැරව දක්ෂිණාංශික පැසිස්ට්වාදී පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් තිබුණා. ඒ වෙලාවේ මට පෙනුණා එක්සත් ජාතික පක්ෂය විතරයි මම විශ්වාස කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පිහිටලා ඉන්න පක්ෂය හා රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් පෙනී සිටින නායකත්වය විදිහට. නමුත් ජනාධිපතිවරණ පරාජයෙන් පසුවත් ඊට පෙර ගත වූ පසුගිය අවුරුදු 5ත් මට පෙනුණා එක්සත් ජාතික පක්ෂය තුළම ඉන්න යම් පිරිසකට එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකද්ද කියලා වැටහීමක් තිබුණේ නෑ.

ඇත්ත වශයෙන්ම කියනවා නම් සර් ජෝන් කොතලාවල ගත්තොත් එතුමා ගැන කවුරුවත් කතා නොකළාට, එතුමාගේ අවුරුදු තුනේදී තමයි ඉතිහාසේ කවරදාවත් නොවූ විදිහට මේ රටේ ආර්ථිකය පුදුම විදිහට ඉදිරියට අවේ, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ඉතාමත් ඉහළ තැනකට ආවේ. නමුත් 56දී බණ්ඩාරණායකගේ ජයග්‍රහණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් බයවෙලා මෙතෙක් තිබුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය වෙනුවට ඒ අයත් පංචමහා බලවේගයේ එල්ලෙන්න බැලුවා. මම නං දකින්නේ අදත් මේකයි තියෙන ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයටත් අද එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා ඉන්න සමගි ජනබලවේගයටත් විකල්ප වැඩපිළිවෙළක් නෑ, ඒ අයත් හැම තිස්සේම තියෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට මුවාවෙලා ඒ පිහිටෙන් බලයට එන්න හදනවා මිසක් විකල්ප වැඩපිළිවෙළක් හදන්න උත්සහ කරන්නේ නෑ. පොහොට්ටුව තියෙද්දී තවත් ඩුප්ලිකේට් පොහොට්ටුවක් මේ රටට අවශ්‍ය නෑ. ඒ වගේම පොහොට්ටුව මේ වෙනකොට අන්ත දක්ෂිණාංශික ඔය සිංහල ජාතිවාදී බලවේග ඔක්කොම ඒකරාශී කරලා ඉවරයි. ඒ අයට කතා කරන්න අපිට අවශ්‍ය නෑ. ඒ අයගේ ඡන්ද ලැබෙන්නේත් නෑ.

නමුත් මේ රටේ බහුතරයක් ඉන්නේ මධ්‍යස්ථ මතධාරීන්, මේ රටේ බහුතරයක් ජාතිවාදී නෑ. මේ රටේ බහුතරයක් ආගම්වාදී නෑ. මේ රටේ බහුතරයකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා හොඳ රැකියාවක් ගන්න පුළුවන් අවස්ථාව හදලා ලෝකේ ගිහිල්ලා ඕන රටක ජීවත් වෙලා ලෝකයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් සමාජයක් ගොඩනගා ගන්න. මේ අය වෙනුවෙන් කතා කරන්න අද කවුරුවත් නෑ, එක්සත් ජාතික පක්ෂයත් නෑ. සමගි ජන බලවේගයත් නෑ. අන්න ඒ නිසා තමයි මම හිතුවේ, මට ලේබල් ඕන නෑ. පක්ෂයක් ඕන නෑ. මුකුත් ඕන නෑ. මම එළියේ ඉඳගෙන මට පුළුවන් විදිහට අර මම කලින් කියපු විශ්වාසයන් වෙනුවෙන් පෙනී ඉන්න.

ඔය තීන්දුව ප්‍රකාශයට පත් කරන්න මනාප අංක දෙනකම්ම හිටියේ ඇයි. ඔබ එදා කළේ නොමිලයේම සුවිශාල මාධ්‍ය ප්‍රචාරණයක් අරගෙන ඔබේ මනාප අංකය කැන්වසින් කරපු එක නෙවෙයි ද?

නෑ, මම එක වචනයකින්වත් මගේ මනාප අංකය කියලා නෑ. ඔය අංක 8න් මම තුන් වතාවක් මැතිවරණය ඉල්ලලා තියෙනවා. නමුත් එකක් මම කියන්නං. මගේ නමට ඉස්සරහා ගහන මනාපයක් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම ඒ තමන්ගේ මනාපය අපතේ යැවීමක් වෙනවා. මට මනාප වට්ටලා දිනෙව්වත් මම යළිත් වතාවක් මේ පාර්ලිමේන්තුවට නං අඩිය තියන්නේ නෑ.

ඒ කියන්නේ ඔබ ඉතිරි ජීවිත කාලයේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු දේශපාලනයෙන් අයින් වෙනවාද?

දැන් මට අවුරුදු 64යි. එතකොට ඊළඟ ඡන්දේ නියම කාලේ ආවොත් 69ක් විතර වෙයි. ඇත්ත වශයෙන්ම මගේ බලාපොරොත්තුවනං අවුරුදු 70 වෙනකොට පාර්ලිමේන්තු දේශපාලනයෙන් විතරක් නෙවෙයි සියලු දේශපාලන කටයුතුවලින් විශ්‍රාම යන්න. මොකද මම දකින විදිහට මිනිස්සු මේ අවසාන මොහොත දක්වා ඇවිදගන්නත් බැරුව හැරමිටියෙන් රෝද පුටුවෙන් පාර්ලිමේන්තු එන වැඩේ, හරි ලැජ්ජා සහගත වැඩක්.

යම් විදිහකින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරාධනා කළොත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් වැඩක් කරන්න කියලා?

අනිවාර්යයෙන්ම යන්නේ නෑ. මම අද හදවතින් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙක්. මොකද මට අද පවතින එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඇඳුම් ඇඳගෙන ඉන්න බෑ. මොනතරම් විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන තිබුණත්. ඇත්ත වශයෙන්ම මම කියන්න ඕන අදත් කවුරු මොනවා කිව්වත් අද මේ දේශපාලන පිටියේ ඉන්න අයගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි යම් දැක්මක් තියෙන්නේ. එතුමා ආකර්ෂණීය දේශපාලන චරිතයක් නොවෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් රටට අවශ්‍ය දර්ශනයක් තියෙන්නේ එතුමාට විතරයි. නමුත් අද එතුමා එක්සත් ජාතික පක්ෂය තුළ ඩීල්කාරයන් එක්ක. විවිධ සෙල්ලක්කාරයන් එක්ක තනිවෙලා ඉන්නේ.

ඔබ ඔය එක්සත් ජාතික පක්ෂයේ ඩීල්කාරයෝ සෙල්ලක්කාරයෝ කියලා හඳුන්වන්නේ කාවද? ඒ අයගේ නම් කියන්න බැරිද?

නෑ ඒක මගේ වැඩක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම මම එක්සත් ජාතික පක්ෂයෙන් යන්න තීන්දුවක් ගත්තෙ ඒ පිරිස නිසාම තමයි. අනිත් පැත්තෙන් කියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ ඉතාමත්ම දක්ෂ අලුත් පිරිසක් හිටියා. තරුණ පිරිස් හිටියා හොඳ වෘත්තියවේදීන් ගොඩක් හිටියා. ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටිය හොඳ පිරිස ,සමගි ජන බලවේගයට බැඳුණේ ඇයි? මේ ඩීල්කාරයෝ අද එක්සත් ජාතික පක්ෂය ආක්‍රමණය කරලා තියෙන නිසා.

ඔබ ඒ අයගේ නම් කියන්න බයද?

එහෙම නම් වශයෙන් කියන්න ඕන නෑ. එක්සත් ජාතික පක්ෂයේ අර ජ්‍යෙෂ්ඨ නායකයන් කියන හතර පස් දෙනා දිහා පොඩ්ඩක් බලන්නකෝ.

හොඳයි ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් යන්න හේතුවුණේ රවි, දයා, වජිර, කියන එජාප ජ්‍යෙෂ්ඨයින් නිසා කියලා රාවයක් තියෙනවා. ඒක ඇත්තද?

ඔය කියන අයට මාව පක්ෂයෙන් එළවන්න බෑ. ඒ වගේම ඔය කියන පිරිස නිසා මට යූඇන්පීකාරයෙක් නොවෙන්නත් බෑ. මම කියන්නේ අද එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි කියන මුළු විපක්ෂයම අද ඉතාම දුර්වල තැනක ඉන්නේ. ඒ අයට විකල්ප මතයක් නෑ. මම කතා කළාම ඒ අය බය වෙනවා. ඒ අය කියනවා මම කතා කළාම අපි ඡන්දේ පරදිනවා කියලා. ඒ නිසා එහෙම පිටකොන්දක් නැති දේශපාලනයක් කරන පක්ෂයක මට බෑ මගේ කට වහගෙන ඉන්න. මම සංඝ කල්ලියක් ගැන කිව්වේ අහම්බෙන්, මේ යන එන ගමන් නෙවෙයි. පරම්පරාගත බෞද්ධයෙක් විදිහට අද ඊයේත් නෙවෙයි. මම එදා ඉඳන් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ඉඳලා මම බෞද්ධාගමට වෙන විනාශය කතා කළා. නමුත් එදා මම ඔය වගේ මත ප්‍රකාශ කරනකොට චන්ද්‍රිකා මැතිනිය පමණක් නෙවෙයි මහින්ද රාජපක්ෂ පවා මාව ආරක්ෂා කළා. නමුත් මේ පක්ෂවල එහෙම කොන්දක් තියෙන අය නෑ, ඔවුන් හරි බයයි. මට පණිවිඩ එවනවා. අනේ ඕවා කතා කරන්න එපා. ඊට පස්සෙ මේ පක්ෂේ අය කියන්න පටන් ගත්තා මෙයාට විනය පරීක්ෂණයක් කරන්න ඕන කියලා. ඉතිං මේ ඔක්කොමත් එක්ක මට මේ තීන්දුව ගන්න පහසු වුණා. මොකද අන්තිමට මම කැමති නෑ මගේ අදහස් නිසා මේ පක්ෂය පරදිනවා නම්. දැන් මම නෑනේ. ඉතිං දිනලා පෙන්නන්න පුළුවන්.

ඔබේ කතාවෙන් පේන්නේ එජාපය වගේම සමගි ජනබලවේගේ අයත් ඔබේ කට වහන්න උත්සහ කරලා තියෙනවා?

ඔව්, ඒකේ හුඟක් අයට මගේ අදහස් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ඒකට රිංගලා ඉන්නෙත් අන්ත ජාතිවාදී කොටස්.

ඇත්තටම ඒක නේද කාරණේ ඔබ මන්ත්‍රී දේශපාලනෙන් අයින් වෙන්න. අන්තිමට ඔබට අල්ලපු අත්තත් නැති වුණා පය ගහපු අත්තත් නැතිවුණා.. ඔබට දේශපාලන වශයෙන් යන එන මං නැති වුණා නේද?

මට කවදාවත් දේශපාලනේ යන එනමං නැති වුණේ නෑ. ඔබට ඒක ඉදිරියේදී බලාගන්න පුළුවන්.

දැන් ඔබ මන්ත්‍රී දේශපාලනෙන් ඉවත් වෙනවා කියලා ප්‍රසිද්ධ කළාට පස්සේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස වගේම ඔබේ පැරණි මිත්‍රයා මහින්ද රාජපක්ෂ යන අයගෙන් කවුද ඉස්සෙල්ලාම කතා කළේ?

නෑ. ඔය කවුරුවත් කතා කළේ නෑ දැනට. හැබැයි මම අයින් වෙනවා කියන මේ තීන්දුව අරගත්තාට පස්සේ මොනවා වුණත් මේ වෙලාවේ මම නියෝජනය කරන පක්ෂයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහත්තයාව ගිහිල්ලා මුලින්ම හම්බවෙලා මේ කාරණාව කිව්වා. ඒ කළේ පසුගිය 3 වැනිදා. මෙතැනදී සජිත් ප්‍රේමදාස ප්‍රබල ලෙස කිව්වා නැවතත් සිතා බලන්න කියලා. එතකොට මම එතුමාට කිව්වා මම මේ තීන්දුව පෞද්ගලිකව එතුමාට එරෙහිව ගන්න තීන්දුවක් නෙවෙයි. එතුමාට මම කවදාවත් කිසිදු වේදිකාවක අල්පමාත්‍ර වචනයකින්වත් දොස් කියන්නේත් නෑ. ඒ වගේම 4 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසට ගිහින් එතුමා හමු වුණා. එතුමාටත් මම මේ දේමයි කිව්වේ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කිව්වේ?

රනිල් වික්‍රමසිංහ කියන්නේ ඉතිං වැඩිය දේවල් කියන කෙනෙක් නෙවෙයි නේ. අහං ඉඳලා කිව්වා, ඔව් ඇත්තෙන්ම මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් මේ වෙලාවේ තියෙනවා. අපිට ඉස්සරහට මේ රටේ විශේෂයෙන්ම සිවිල් සමාජ හා අනෙකුත් කණ්ඩායම් එකතු කරන්න වෙනවා කියලා.

මංගල සමරවීර කියන්නේ බොහෝම සට කපට ශූර දේශපාලන නුවණක් තියෙන පුද්ගලයෙක්. ඔබ දේශපාලන උපාය උපක්‍රම තෝරන්නේ හීන් නූලෙන්. මේ මහා මැතිවරණය අන්ත පරාජයක් ලබයි කියන බයට තමයි ඔබ මැතිවරණයෙන් ඉවත් වෙන්නේ. නමුත් ඔබ එපා කියලා තියෙද්දීත් මාතර මිනිස්සු ඔබට ඡන්දේ දුන්නොත් එතකොට ඔබ කියයි ඔබ ඡන්දේ නොඉල්ලලාත් මිනිස්සු ඔබට ඡන්දේ දුන්නා කියලා. මම වැරදිද?

නෑ, මම විශ්වාස කරනවා මේ වතාවේ මම ඉල්ලුවා නම් මම 2004දී මම පිහිටුවපු ඒ මනාප වාර්තාව මටම බිඳින්න තිබුණා. තාමත් කිසිම පක්ෂයක කිසිම කෙනෙක් ඒක කඩලා නෑ. මම මුදල් ඇමැතිවරයා හැටියට මාතරට විශාල මුදලක් වෙන් කළා.

මම ඉල්ලුවා නම් ඇත්තටම මට මගේම රෙකෝඩ් එක කඩන්න තිබුණා. ඒත් දැන් ඉතිං ඒක ඇත්තද බොරුද කියලා මට ටෙස්ට් කරන්න බෑ. නමුත් මම පරාජය වෙන්න බය නෑ, මොකද මම පරාජය වෙලා අත්දැකීම් තියෙන කෙනෙක්. මගේ පෞද්ගලික ජීවිතේත් මම වරින් වර පරාජය වෙලා තියෙනවා. දේශපාලන ජීවිතේත් පරාජය වෙලා තියෙනවා වරින් වර. නමුත් කවදාවත් පරාජය නිසා පසුබැස්ස කෙනෙක් නෙවෙයි මම. මොකද හැම පරාජයක්ම මගේ ඊළඟ ජයග්‍රහණයේ අත්තිවාරමක් බවට පත් කරගන්න මට ශක්තිය තියෙනවා. අනිත් එක පරාජය ඉදිරියේ මම කවදාවත් පැනලා ගිහිල්ලාත් නෑ.

දැන් ඔය කරලා තියෙන වැඩත් එක්ක ඔබ එපා කිව්වත් මාතර මිනිස්සු ඔබ ජයග්‍රහණය කරවලා තිබුණොත් ?

ඔය කියන විදිහට මම ජයග්‍රහණය කළොත් කරුණාකරලා මේක ලේවලින් ලියලා තියාගන්න මම පාර්ලිමේන්තුවට නම් ආයෙමත් යන්නේ නෑ.

සමන් සමරක්කොඩි
– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක් - සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි
දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක් - සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5akUsj-nbsmytMFkHbL7-TacLPpb9_z8DFr5ZafsqwQM1DQXYDEjGnGaHu63E02j_193rz8APqepBQT8iLfUkreczlTdatnvI2cOhFVykIyZh4g10gTMhyphenhyphen7GZCtZGf5vffVSHTWW7_WM/s320/mangala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5akUsj-nbsmytMFkHbL7-TacLPpb9_z8DFr5ZafsqwQM1DQXYDEjGnGaHu63E02j_193rz8APqepBQT8iLfUkreczlTdatnvI2cOhFVykIyZh4g10gTMhyphenhyphen7GZCtZGf5vffVSHTWW7_WM/s72-c/mangala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy