මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩු කළේ නම් ස්වාමීන් වහන්සේලා සිවුරු උස්සගෙන මහ පාරේ උද්ඝෝෂණ කරමින් ඇමරිකානු තානාපති කාර්ය...
මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම ආණ්ඩු කළේ නම් ස්වාමීන් වහන්සේලා සිවුරු උස්සගෙන මහ පාරේ උද්ඝෝෂණ කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කර සංදේශ භාර දී උපවාස කර මහා විශාල කැළඹීමක් ඇති කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අවධාරණය කළේය.
ඒ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
කෙසේවෙතත් මේ වන විට පවත්නා තත්ත්වය අනුව ස්වාමීන් වහන්සේලා ද නිහඬ වී සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මෙරට නිරෝධායන නීති නොසලකා හැර ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කර කර සිය නිල මුක්තිය භාවිතා කර රටට ඇතුල් වීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.
"MCC ගිවිසුම ස්ටඩි කළා විතරයි MCC එක අත්සන කරනවා කියලා මහා ලොකු ප්‍රචාරයක් ගෙන ගියා. දැන් කියනවා MCC එකේ 70%ක් හොඳයි ලු. හම්බන්තොට වරාය වික්කා කිව්වා. දැන් හම්බන්තොට වරාය ආපස්සට ගත්තද? හැබැයි මතක තියා ගන්න අපි පොර්ට් සිටි එක 99 අවුරුදු බද්දට යටත් කරලා ගත්තා චීනෙට විකුණලා තියෙද්දී. අද චීනෙට මුහුදෙන් එහා පට්ය්තේ පොර්ට් සිටිය දීලා මුහුදෙන් මෙහා පැත්තේ භූමියේ හිමිකමත් දීලා. මේක දේශද්‍රෝහී ආණ්ඩුවක්. රාජපක්ෂලා කරන මේ ජාවාරම නවත්වන්න ඕනේ."
මේ අතර විදෙස් ගත ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී ප්‍රමුඛ්ටහ්ව දී තිබෙන ආකාරය පිළිගත නොහැකි බවද සොයිසා මහතා පෙන්වාදුන්නේය.
යුරෝපයේ සිටින ඇති හැකි අයට පෙර මෙරටට විදේශ විනිමය රටට ගෙනෙන මැද පෙරදිග රටවල කොරෝනා නිසා අසරණව සිටින අය මුලින්ම රටට ගෙන්වා ඔවුන් නොරෝ ධායනයට ලක් කිරීමට කටයුතු කළ යුතුව තිබුණේ යැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS