දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයදාස වෙනුවෙන් ගම්මන්පිලත් ඉදිරියට.
Homeප්‍රවෘත්ති

විජයදාස වෙනුවෙන් ගම්මන්පිලත් ඉදිරියට.

PropellerAds

නීතිපති පත් කරන්නට හෝ අස් කරන්නට, එසේත් නැත්නම් තනතුරට කෙනකු නිර්දේශ කරන්නට අධිකරණ ඇමැතිට බලයක් නැති නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂ...

ත‍්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න බලපෑම් කරලා.. පරික්ෂණ අවසන් වෙන තෙත් අසාද් සාලි ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි..
මෙරට බෝම්බ ප්‍රහාර මාලාවට හේතුව නවසීලන්තයේ පල්ලියට එල්ල වූ ප්‍රහාරයයි - ඇමති රුවන් විජේවර්ධන කියයි
පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සොයා පොලීසියෙන් මෙහෙයුම්

නීතිපති පත් කරන්නට හෝ අස් කරන්නට, එසේත් නැත්නම් තනතුරට කෙනකු නිර්දේශ කරන්නට අධිකරණ ඇමැතිට බලයක් නැති නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය පිළිබඳ අධිකරණ ඇමැතිට විශ්වාස භංගයක් ගේන්නට හැකියාව ඇත්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විමසා සිටියේය.

නීතිපති පත් කරන්නේ ජනාධිපති.  ඉවත් කරන්නේ පාර්ලිමේන්තුව.  නිර්දේශ කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය. ඇමැති කුමක් කරන්නදැයි ඔහු අසා සිටියේ පිවිතුරු හෙළ උරුමයේ පිටකෝට්ටේ පක්ෂ මුලස්ථානයේ අද(14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය. 

"නීතිඥයෙකු වන අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ප‍්‍රකාශකරනවා නීතිපති දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කටයුතු නොකරන නිසයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්නේ කියලා. ඇත්තෙන්ම පොලීසිය විමර්ශන ගණනාවක් සිදුකරලා නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු අසූ ගණනක් යැවු බව ඇත්තයි. නමුත් නඩු පැවරීමට ප‍්‍රමාණවත් කරුණු ඒ විමර්ශන වලින් හෙළි වෙන්නේ නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව මොනව කරන්නද? මේ ආණ්ඩුව කළ පළමු බොරු පැමිණිල්ල තමයි 2015 ජනවාරි 8 ? හමුදා කුමන්ත‍්‍රණයකින් බලයේ සිටින්න උත්සාහ කළ බව. ඒ එම වසරේ ජනවාරි 16 වැනිදා. ජනවාරි 20 දා මගෙන් කටඋත්තරයක් ගත්තා.  මාව තමයි මේ ආණ්ඩුව මුලින්ම පොලීසි ගෙන ගියේ.  ඊට පස්සේ මේ ගැන සද්දයක් නෑ.  පැමිණිල්ල කරද්දි නම් මංගල සමරවීර ඇමතිතුමන් කිව්වේ ජාතික ආරක්ෂාව සම්බන්ධ පැමිණිල්ලක් හෙයින් ප‍්‍රමුඛතාවයෙන් විමර්ශනය කරන්න කියලා.  එතුමාගේ උත්තරය වුණේ විමර්ශන අවසන් කර ලිපි ගොනුව නීතිපතිට යැව්වා කියා.  මම මේ පිළිබඳ අධිකරණ අමාත්‍ය විජේදාස ඇමතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කළා. එතුමාගේ පිළිතුරු වුණේ විමර්ශනයෙන් නඩු නිමිත්තක් හෙළි නොවන බවට නීතිපති නිගමනය කර ඇති බවයි.  බොරු පැමිණිල්ලක් කරලා නඩු පැවරීමක් බලාපොරොත්තු වෙන්න එජාප මන්ත‍්‍රිවරුන්ට පුළුවන් ද?  අජිත් පෙරේරා ඇමතිතුමනි, පුස් බිත්තරය කෙතරම් රැක්කත් එයින් පැටවකු බිහි වෙන්නේ නෑ. ඒ නිසා බොරු පැමිණිලි පොලිසියට කරලා ඒවා පිලිබද පොලීසිය විමර්ශනය කරලා ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යැවු පමණින් නීතිපතිට නඩු පවරන්න බෑ. ඒකට අධිකරණ ඇමතිවත් නීතිපති දෙපාර්තමේන්තුවත් පළි නෑ"

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයදාස වෙනුවෙන් ගම්මන්පිලත් ඉදිරියට.
විජයදාස වෙනුවෙන් ගම්මන්පිලත් ඉදිරියට.
http://ift.tt/2uGoIcM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy