දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීමහා බෝධීන්වහන්සේව රැකගැනීමට සන්නිවේදන උපකරණ ගෙනා රවීන්ද්‍රට එරෙහිව චෝදනා මවන්නේ කව්ද..?
Homeප්‍රවෘත්ති

ශ්‍රීමහා බෝධීන්වහන්සේව රැකගැනීමට සන්නිවේදන උපකරණ ගෙනා රවීන්ද්‍රට එරෙහිව චෝදනා මවන්නේ කව්ද..?

PropellerAds

ජ නාධිපතිතුමාගේ ළඟින්ම සිට ඔහුගේ නාමය භාවිතා කරමින් යුධ හමුදා මේජර්වරයෙක් කටයුතු කරන බවට වෙබ් මාධ්‍ය කිහිපයකම පළවූ පුවත පිළිබඳව අප විසින් ක...

''පෝලිම්වල සිදුවන මරණවලට මුදල් ඇමති වග කිව යුතු යි'' - උදය ගම්මන්පිල
ස්වභාධර්මයෙන්ම මාව ගෙදර යැව්වා… ඒත් මගේ පුංචි මල්ලි තවම ඉන්නවා - නවින් දිසානායක
යතුරුපැදිකරුවෙකු ඇමති ලොකුගේගේ රියදුරුට පිහියෙන් ඇන මරා දමයි
නාධිපතිතුමාගේ ළඟින්ම සිට ඔහුගේ නාමය භාවිතා කරමින් යුධ හමුදා මේජර්වරයෙක් කටයුතු කරන බවට වෙබ් මාධ්‍ය කිහිපයකම පළවූ පුවත පිළිබඳව අප විසින් කල සොයා බැලීමකදී අනාවරණය වූයේ, පසුගිය මාසවල ඇතිවූ ගෝලීය ආපදාවත් සමගින් ජනාධිපතිවරයාට සහ ශ්‍රීලංකා යුධ හමුදාවට ජනතාව තුළ ඇතිවූ ජනප්‍රසාදය කෙරෙහි කලු පැල්ලමක් ඇතිකිරීම සඳහා මෙවැනි ප්‍රවෘත්තීන් මවා පෙන්වමින් පල කර ඇති බවය.

පසුගිය මාසවල ඇතිවූ ගෝලීය ආපදාවත් සමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවයට ලබා දුන් සහයෝගය නිසාම අපේ රටේ ජනතාවගේ දැඩි ගෞරවයට පාත්‍ර වූ අතර අපේ රට තුළ විනයක් සහිත හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතාවය රටේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ විය යුතු බවට විශාල ජනතා රැල්ලක් ඇති විය.

එම කරුණු දෙස බැලීමේදී දැන් දැන් ඇතිවන මෙම වෙබ් මාධ්‍ය වල පළවන ප්‍රවෘත්තීන් දෙස බැලීමේදී විශේෂයෙන්ම එහිදී චෝදනාවට ලක්වූ ශ්‍රීලංකා යුධ හමුදාවේ රවින්ද්‍ර මිගමආරච්චි මීට කලකට පෙර මෙරට තාරුණයේ හද බැඳගත් ප්‍රසිද්ධ ගායකයෙක් වීමත්, ඔහු විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පවුලේ හිතවතෙකු වීමත් යන කාරණා දෙක හේතුකරගෙන මෙම මඩ ව්‍යාපාරය ආරම්භ කල ඇති බවටයි සැක කෙරෙන්නේ.

පසුගියදා වෙබ් මාධ්‍ය මගින් මහා විශාල ලෙස මවා පෙන්වූ කාරණය වූ, නීති රීති කඩකරමින් මෙරටට ගෙන්වූ බව කියන සන්නිවේදන උපකරණ පවා රවින්ද්‍ර මිගමආරච්චි විසින් ඔහුගේ භාවිතාවට හෝ ඔහුට ව්‍යාපාර සිදුකිරීම සඳහා ගෙන්වූ දේවල් නොව, අපේ රටේ බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වී ඇති උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට හානි කරමින් ගිරවුන් සහ අනෙක් කුර්ල්ලන් බෙන සෑදීම වළක්වන සන්නිවේදන උපකරණ වූ අතර, ඒවා නිසි ක්‍රියා පටිපාටිය යටතේ මෙරටට ගෙන්වූ කුරුල්ලන් පලවා හරින උපකරණ ශ්‍රී ලංකා රේගුව මගින් පරික්ෂා කර බලා නිශ්කාශන කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පරිත්‍යාග කරන ලද උපකරණ බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් යම් යම් අයවලුන් විසින් එල්ල කරන ලද චෝදනා වලට නිසි පිළිතුරු ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊට අදාල ලෙස නියෝග නිකුත් කරන ලදී.

ඒ අනුව ශ්‍රීලංකා යුධ හමුදාව මේ සම්බන්ධයෙන් ඒ ඒ අවශ්‍ය පරිදි විනය පරීක්ෂණයක් සිදුකරගෙන යනු ලබන අතර එහි වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිතව ඇත. එම වාර්තා අනුව රවින්ද්‍ර මිගමආරච්චි වැරදිකරුවෙක්ද, නිවරැදි කරුවෙක්ද යන්න තීරණය වනු ඇත.



පෙර පුවත : ශ්‍රීමහා බෝධීන්වහන්සේට වසර දහස් ගණනක් ගිරවුන්ගෙන් වු හිරිහැර පොසොන් පොහෝදා විසදෙයි..!

වසර දහස් ගණනක සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කරන බෞද්ධ බැතිමතුන් බාරහාර සඳහා බොහෝ වෙලාවට වී කුරුල්ලන් ගිරවුන් නිදහස් කිරීමේ පුණ්‍ය ක්‍රියාව ශ්‍රී මා බෝ හාමුදුරුවනේ ඉදිරිපිට සිදු කරයි.

මෙහි එක්තරා අනිසි ප්‍රතිඵලයක් වන්නේ එම ගිරවුන් ශ්‍රී මහා බෝධිය අසල තිබෙන පරිවාර බෝධීන් වහන්සේලා අසලම වාසස්ථාන බවට පත්කොටගෙන දහස් ගණනක ගිරව් රංචුවක් දැනට වාසය කරයි. මෙම ගිරව් පරිවාර බෝධීන් වහන්සේලාගේ මෙන්ම ය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ද වාසස්ථාන සාදාගැනීමට වෙන හෑරීම විසඳාගත නොහැකි ගැටලුවක් ලෙස දීර්ඝකාලීනව පවති.

බොහෝ වෙලාවට මෙසේ හානිකරන සතුන් එලවීමට රතිඤ්ඤා, අප්පුඩි ගැසීම, කැටපෝල පාවිච්චි කිරීම සිදුකරයි. පූජා භූමියකට සුදුසු ක්‍රියාවක් නොවුනත් උතුම් ජය ග්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමට විකල්පයක් නොවීය

අදටත් ගෝනි වලින් වසා දැල්වලින් ආවරණය කර ඇති ගිරවුන්ගේ බෙන, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා පරිවාර බෝධීන් වහන්සේලාට වී ඇති හානිය මනාව පිළිබිඹු කරයි.පරිවාර බෝධීන් වහන්සේලාගේ අවුරුදු තුන් හාරසීය ඉපැරණි අතු මෙම බෙන හේතුවෙන් කඩාවැටීමට ලක්වී ඇත. ආවරණයක් ලෙස ක්‍රියාකරන එම අතු කඩා වැටීම හේතුවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරාවරණය වන්නේ උන්වහන්සේට ඇති එකම අනතුරවන සුළඟටය.

යුද හමුදාව පොලිසිය යොදා ආරක්ෂාව සැපයුවද සුළඟින් ආරක්ෂා කිරීමට කිසිවකු සමත් වී නැත. මම මෑතකදී සඳහන් කළ පරිදි මේ වන විට බෝධීන් වහන්සේ අසල රතිඤ්ඤ පත්තු කිරීම ,උස් හඩින් ඝෝෂා කිරීම කැට පොලෙන් විදීම වැනි ක්‍රියා තුළින් ගිරවුන් එලවීම සිදුකරනු ලබයි. එම ක්‍රියා එම ස්ථානයේදී උචිත නොවේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ භාරව කොතෙකුත් නිලධාරීන් සිටියත් මෙම බෝධිය පිළිබඳව නිරීක්ෂණ ගවේෂණය කරන දහස් ගණනක් බුද්ධිමත් මිනිසුන් සිටියත් නිසි පිළිතුරක් සොයා ගැනීමට අද වෙන තෙක් අපොහොසත් විය.

එබැවින් මේ සඳහා සුදුසුම විකල්පය සොයාගත්උ පකරණ ලංකාවට ගෙන එන ලදී.

රවින්ද්‍ර මිගම්අරච්චි මිගම්ආරච්චි මහතා මෙම නිෂ්පාදන සමාගම සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ශාකවලට හා සතුන්ට මෙමගින් කිසිදු හානියක් සිදු නොවන බවට ඔවුන් ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර තත්ත්ව සහතික ද ඉදිරිපත් කරමි. Ultrasonic තාක්ෂණය මෙන්ම Flashing light මේ සදහා යොදා ගෙන ඇති අතර කුරුලන් පැමිණි විට පමණක් Motion detector මගින් මෙම උපකරණය ක්‍රියාත්මක වේ. සොබාදහමට සියලුම දේ අවනත විය යුතු නමුත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමට සොබාදහමේම කොටස්කරුවන් ලෙස අප බැඳී සිටින්නෙමු. මෙම උවදුර මෑතකදී දී ඇති වූවක් මිස අතීතයේ සිට පැවතුණාවූ උවදුරක් නොව නතර ඒ සඳහා විසඳුමක් සොයා ගැනීමට ලැබීම බෞද්ධයන් ලද භාග්‍යයක් කොට සලකමි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීමහා බෝධීන්වහන්සේව රැකගැනීමට සන්නිවේදන උපකරණ ගෙනා රවීන්ද්‍රට එරෙහිව චෝදනා මවන්නේ කව්ද..?
ශ්‍රීමහා බෝධීන්වහන්සේව රැකගැනීමට සන්නිවේදන උපකරණ ගෙනා රවීන්ද්‍රට එරෙහිව චෝදනා මවන්නේ කව්ද..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjL73bWmrJB9jyvt2PQtgTuBxmU0tb3Pp4NvRXGArtYs0GIa7pPIfnyRrFKohF-doO0KSJtPq9FqmHLBsSlPOqJmQdTQJgS2w2o4UqwncnnRTf5G0CCzG8T3v1WlnN82D0T2J7N6zNHNRI/s320/raveendra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjL73bWmrJB9jyvt2PQtgTuBxmU0tb3Pp4NvRXGArtYs0GIa7pPIfnyRrFKohF-doO0KSJtPq9FqmHLBsSlPOqJmQdTQJgS2w2o4UqwncnnRTf5G0CCzG8T3v1WlnN82D0T2J7N6zNHNRI/s72-c/raveendra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_728.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_728.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy