රට තුළ සීමාවන් ලිහිල් කර තිබෙන තත්වයක් යටතේ පොදු මගී ප‍්‍රවාහන සේවාවන් වලට හඳුන්වා දී ඇති සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය ස...
පොදු මගී ප්‍රවාහන බස් රථ වල සෞඛ්‍ය නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට විවිධ පාර්ශව වලින් එල්ලවන පැමිණිලි හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
බස් රථ වල රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීතිය නොතකා හිතුමතේ කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ වලට තොරතුරු ලැබී තිබේ.
ඒ අනුව එම නීති උල්ලංඝනය කරන රියැදුරන් සහ කොන්දොස්තර අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS