පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සතුව තිබූ අවි ආයුද තොගයක් මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතට පත්වී ඇති බවත් ඒ සම්බන්ධයෙන්...
පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සතුව තිබූ අවි ආයුද තොගයක් මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතට පත්වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඊයේ (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
විමුක්ති කොටි නමින් පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සමාජිකයන් පිරිසක් විසින් සිදු කල ප්‍රකාශයක් මුල් කර ගනිමින් ඒ මහතා මේ බව පැවසීය.
එම පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පැවසු පරිද ආයුධ 5000කට වැඩි ප්‍රමාණයක් මෙලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් අතර බෙදා දි ඇති බවද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"විමුක්ති කොටි නමින් එල්ටිඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිසක් ප්‍රකාශයක් කළා කොටි සංවිධානය සතුව පැවති ආයුධ ප්‍රමානයක් මුස්ලිම් දේශපාලනඥයින් වන රිෂාඩ් බදුදීන් මහතාටත්, හිස්බුල්ලාටත් ඇතුළු දේශපාලනඥයින් ගණනාවකට ලබා දීලා තියෙනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කළේ. ආයුධ 5000ට වැඩි ප්‍රමාණයක් මේ දේශපාලනඥයින්ට ලබාදීලා තියෙනවා කියලා තමයි ප්‍රකාශක කළේ. ජාතික ආරක්ෂාවට වුණත් විශාල තර්ජනයක් ඇති කළ හැකි හානියක් සිද්ධ කරන්න පුළුවන්. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතික්‍රියා නොදක්වන්නේ මේ ආයුධ ලබා ගත්ත දේශපාලඥයින් ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවේ රැකවරණය තුළ සිටින ? ප්‍රභාකරන් පිස්තෝලයකින් ඇල්ෆට් දොරයප්පාවා ඝාතනය කරලා පටන් ගත්තේ ඝාතන සංස්කෘතිය. දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයින් සියල්ල සුණු විසුණු කරල සම්බන්ධ, සුමන්තිරන්ලා වගේ තමිල් චෙල්වම්ලාගේ පදයට වැනෙන පරඩැල් ටිකක් පමණයි දෙමළ දේශපාලකයින් ඉතුරු කළේ. මුස්ලීම් සමාජයටත් මේ ඉරණම අත් කරන්නටද මේ හදන්නේ? ඒ නිසා ජනාධිපතිතුමා තේරවිලි කිය කිය ඉඳලා හරියන්නෙ නෑ. අගමැතිතුමත් විකාර කිය කිය ඉඳලා හරියන්නෙ නෑ. පොලිස්පතිතුමා නට නට ඉඳලා හරියන්නෙ නෑ. මේවාට විසදුම් දෙන්න ඕනේ."
COMMENTS