හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනා සතුව තිබී රුපි...
මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සහ බෙදාහැරීමේ කටයුතු සඳහා ජාවාරම්කරුවන්ට සහාය දී ඇති බවයි.
ඒ හරහා ඔවුන් විශාල මුදලක් උපයාගෙන විශාල දේපළ ප්‍රමාණයක් ද මිලදීගෙන ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අප දීර්ඝ කාලයක් තිස්සේ පෙන්වා දෙන පරිදි මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිසියේ ඉහළම නිලධාරීන් පිරිසකුත් සම්බන්ධය. ප්‍රශ්නය ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පහළ නිලධාරීන් සිව් දෙනෙකු ළඟ තිබී රුපියල් කෝටි 3ක් හමුවූයේ නම් මීට සම්බන්ධ ඉහළ නිලධාරීන් සතුව කොපමණ ධනයක් ඇත්ද යන්නයි. ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ මෙරට සහ පිටරට වත්කම් නිසි ලෙස පරීක්ෂා කරන්නේ නම් බොහෝ දෑ හෙළිවනු ඇත.
COMMENTS