2018 අයවැය ප්‍රධාන යෝජනා සියල්ල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. අයවැයේ සංශෝධනය කෙරෙන යෝජනා පිළිබඳ මුදල...
2018 අයවැය ප්‍රධාන යෝජනා සියල්ල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
අයවැයේ සංශෝධනය කෙරෙන යෝජනා පිළිබඳ මුදල් අමාත්‍යවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර අන් කිසිඳු අයවැය යෝජනාවක් යලි සංශෝධනයට ලක් නොකෙරෙන බව මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.
2018 අයවැය සම්මත වූ දිනට පසු දින සිට අයවැය යෝජනා ක්‍රියාත්මක කෙරෙන බව ද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මේ වන විට කමිටුවක් ද පත් කර තිබේ. එමෙන්ම අදාල යෝජනා ක්‍රියාත්මක කිරිම පිළිබඳ අනෙකුත් අමාත්‍යංශයන් ද දැනුවත් කරන බව මුදල් අමාත්‍යංශය පැවසීය.
මේ අතර බීර මිල අඩු කිරිම සම්බන්ධයෙන් අයවැය මඟින් යෝජනාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
COMMENTS