දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාවන්ගෙන් ඇමෙරිකාවම ගිනි ගොඩක් වෙයි - පොලීසි ගිනිබත් වේ, කඩසාප්පු මංකොල්ල කයි, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි !
Homeප්‍රවෘත්ති

ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාවන්ගෙන් ඇමෙරිකාවම ගිනි ගොඩක් වෙයි - පොලීසි ගිනිබත් වේ, කඩසාප්පු මංකොල්ල කයි, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි !

PropellerAds

දිගින් දිගටම ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතික පොලිස් නිළධාරීන්ගෙන් කලු ජාතික සහ සංක්‍රමණික ජනතාවට එල්ල වන හිරිහැර වලට විරෝධය දක්වමින් ඇමෙරි...

‘මෝටිවේශන් අප්පච්චි’ කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක් - අරගල නායකයෝ එලිපිට කාකොටා ගනිති (VIDEO)
හාල් ආනයනය තහනම් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!
අලියයි පොහොට්ටුවයි එකතු වෙනවලු! අපිට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමයි! දැන් පොහොට්ටුව කුඩේ කුඩු! - ෆීල්ඩ් මාෂල්ගෙන් අදත් ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
දිගින් දිගටම ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජාතික පොලිස් නිළධාරීන්ගෙන් කලු ජාතික සහ සංක්‍රමණික ජනතාවට එල්ල වන හිරිහැර වලට විරෝධය දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුවන විරෝධතා එරට බොහෝ ප්‍රාන්තයන්ට පැතිරී තිබේ.


මෙම විරෝධතාවයන්ට ආසන්නතම හේතුව වූයේ එරට පොලීසිය විසින් කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී මරා දැමීමයි.

හමේ පැහැය මත සිදුවන මෙවැනි ජාතිවාදි හිරිහැර ඇමෙරිකාවේ ඉතා සුලභ වන අතර තමන් කාලයක් තිස්සේ විඳි මෙම පීඩාවන් වලට එරෙහිව ඇමෙරිකානු කලු ජාතිකයන් මේ වනවිට රට පුරා දැඩි කෝලහාල ඇති කරමින් සිටිනවා.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වාර්තා වූයේ ඇමෙරිකාවේ මිනියාපොලිස් නගරයෙනි. මෙම සිදුවීමත් සමග ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා.

නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය.

ග්‍රොසරියකින් බඩු මිලදී ගෙන ඒ සඳහා මුදල් ගෙවීමේදී ඩොලර් 20 ක වටිනාකමකින් යුත් ව්‍යාජ චෙක් පතක් ලබා දීම හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති දෙදරු පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු විසින් එම කළු ජාතිකයාව බිම හෙලා ඔහුගේ බෙල්ල මතට තම දණහිස තබා ගෙන මිනිත්තු 08 කට ආසන්න කාලයක් තද කොට තබා ගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

එලෙස පොලිස් නිලධාරින් අමානුෂීය ලෙස ක්‍රියා කරද්දී තමන්ට හුස්ම ගැනීමට නොහැකි බවට පවසමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැත්තා අවස්ථා ගණනාවකදී ආයාචනා කළ අතර ඒ කිසිවක් නොසලකා සුදු ජාතික පොලිස් නිළධාරීන් අදාල කලු ජාතිකයා ඝාතනය කරනු ලබනවා.

මෙම සිදුවීම වාර්තා වීමත් සමග මිනියාපොලිස් නගරයේ දැවැන්ත විරෝධතාවයක් ආරම්භ වූ අතර එය මේ වන විට අමෙරිකාවේ නගර කිහිපයකටම ව්‍යාප්තවී ඇත්තේ සුදු ජාතික පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම කළු ජාතිකයින්ට එල්ල කරනු ලබන පීඩනයන්ට සහ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් ඉටු කරදෙන මෙන් ඉල්ලමින්ය.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම් කඩ සාප්පු ද ගිනි තබා විනාශ කොට තිබේ.

අඛණ්ඩව පස්වෙනි දිනටත් පැවැති මෙම විරෝධතාවන් අද රාත්‍රියේදී උග්‍ර වූවා. බොහෝ නගර වල පොලිස් ස්ථාන ගිනිබත් කර තිබෙන අතර, මේ වනවිට එරට රාත්‍රීය වන අතර පොලිස් රථ වාහන ගිනි තබමින්, කඩසාප්පු මංකොල්ල කමින් විරෝධතාකරුවන් කටයුතු කරනවා.

ඊයේ දින ධවල මන්දිරයට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට තර්ජනය කරමින් සිදු කරන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩ සීමා කිරීමට ට්විටර් ආයතනය කටයුතු කර තිබෙනවා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ තමන්ට විරෝධතාකරුවන්ගේ හැගීම් වැටහෙන බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් පිටුව සීමා නොකරන්නේ භාෂණයේ නිදහස ඩොනල්ඩ් ට්‍රම්ප්ටද හිමි නිසා බවයි.

සිදුවන කැරලි වලදී පොලිස් නිළධාරීන් වෙඩි තබා තිබෙන අතර එම වෙඩි තැබීම් වලින් කලු ජාතික හෙදියක්, ඇයගේ පෙම්වතා ඇතුලු පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ කැරලිකරුවන් විසින් පොලිස් නිළධාරීන් සිවු දෙනෙකු වෑන් රියක් තුල සිටියදී එම වෑන් රිය ගිනි තබා, පොලිස් නිළධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේදි බවයි පොලීසිය පවසන්නේ.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මෙම විරෝධතා එරට වමාංශික පක්ෂයක් විසින් සංවිධානාත්මකව සිදු කරන බවත්, එරට ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය තමන්ගේ පාලන බලය ඇති ප්‍රදේශ වල කැරලි වර්ධනය වීමට ඉඩ දී බලා සිටින බවයි.

මේ වනවිට ලක්ෂ විස්සක් පමණ වන සිවිල් ජනතාව මෙම විරෝධතාවන්ට එක්වෙමින් පොලිස් ස්ථාන වලට පහර දෙමින්, කඩ සාප්පු මංකොල්ල කමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කැරලි වලින් මේ වනවිට මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තා තවමත් නිකුත් වී නැහැ. විදෙස් මාධ්‍ය පවසන්නේ පොලීසිය සහ හමුදාවන් විසින් මේ වනවිට වෙඩි තැබීම අරඹා තිබෙන නිසා අවම වශයෙන් සිවිල් ජනතාව දහසක් පමණ මේ වනවිට මිය ගොස් තිබෙන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සැලකෙන්නේ සුලු ජාතික අයිතිවාසිකම් අඩුම රටක් ලෙසය. එරට සුදු ජාතික පොලිස් නිළධාරීන් විසින් වසරකට ඝාතනය කරනු කලු ජාතිකයන් ගණන 500 ඉක්මවන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා. එරට සුලු ජාතිකයන් අත්අඩංගුවට පත් වීමට ඉතා බිය වන අතර ඒ පොලීසිය විසින් කලු ජාතිකයන් අත්අඩංගුවේදී ඝාතනය වන අවස්තාවන් ඉතා ඉහළ වන නිසාය.

අඛණ්ඩව මෙලෙසට සිදුවන විරෝධතා වලට හේතුව කලක පටන් සිරවී සිටි එරට සුලු ජාතිකයන්ගේ පීඩනය බව මෙම විරෝධතා ඇරඹුනු මිනියාපොලිස් ආණ්ඩුකාරවරයා පවසනවා.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ රාත්‍රීය වන අතර, පස්වන දිනය වන අද විරෝධතා ප්‍රචන්ඩ වී තිබෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිට පොලීසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම් හටගනිමින්, කඩ සාප්පු ගිනිබත් වෙමින් පවතිනවා.

සෑම වසරකම පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුලුවේදි ශ්‍රී ලංකාවට සුලු ජාතික අයිතිවාසිකම් පිළිබඳව අවධාරණය කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සැලකෙන්නේ සුලු ජාතීන්ට ඉහළ පිළිගැනීමක් සහ සම අයිතිවාසිකම් ලබා දෙන මානූෂියවාදී රටක් ලෙසය.

මෙරට පොලීසිය සහ ආරක්ෂක අංශ කිසිසේත්ම ජාතිවාදි ප්‍රවාහයකින් සුලු ජාතිකයන් ඉලක්ක කර ඇමෙරිකා පොලීසිය මෙන් ප්‍රහාර එල්ල නොකරන, මානූෂීය ආරක්ෂක අංශයක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාවන්ගෙන් ඇමෙරිකාවම ගිනි ගොඩක් වෙයි - පොලීසි ගිනිබත් වේ, කඩසාප්පු මංකොල්ල කයි, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි !
ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාවන්ගෙන් ඇමෙරිකාවම ගිනි ගොඩක් වෙයි - පොලීසි ගිනිබත් වේ, කඩසාප්පු මංකොල්ල කයි, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYhoYX5HKQaYkZc802NpX4iPuI_x9zvLZIyFEkoJc2OB9YwlDIHLu5Jf0leVl8Yzm7FtH-9Y7ZukJsXw41V55Hm7Gy-1acu6d5dSL0rmuGdOZI13y_mf__kG7x8JZuT5QiiRTjf5MWEG0/s320/cfc56846d336081381fe76e4b080d57f21ce4f91.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYhoYX5HKQaYkZc802NpX4iPuI_x9zvLZIyFEkoJc2OB9YwlDIHLu5Jf0leVl8Yzm7FtH-9Y7ZukJsXw41V55Hm7Gy-1acu6d5dSL0rmuGdOZI13y_mf__kG7x8JZuT5QiiRTjf5MWEG0/s72-c/cfc56846d336081381fe76e4b080d57f21ce4f91.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_815.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_815.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy