Covid - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවට පත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර සිටි එක් තරුණියකට Covid - 1...
පසුව ඇයව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍යට පවසා තිබේ.
එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙසේ ඊයේ (04) මෙරටට 208 දෙනකුගෙන් සමන්විත මෙම පිරිසක් ගෙන්වා ඇත.
මේ පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද පැවසේ.
ඒ තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම පිරිස ඔවුන් අධීක්ෂණය කළ හමුදා සාමාජිකයන් සමග ද ඔවුන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇති බව පැවසේ.
Covid - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විවිධ රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ක්‍රියාවලිය ඔස්සේ මෙම පිරිස ඊයේ අලුයම මෙරටට රැගෙන එන ලදී.
පාන්දර 3ට පමණ කටුණායකට පැමිණෙන මෙම පිරිස් එම ස්ථානයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන විට පෙරවරු 10 පමණ වූ බවද මේ අතර වාර්තා වේ.
ඔවුන් අතුරින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා ජෙට්වින්ග් බ්ලූ, ක්ලබ් හොටේල් ඩොල්ෆින් හා වස්කඩුව සිට්‍රස් යන හෝටල් පරිශ්‍ර වෙත සහ අයගම තාක්ෂණික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
මේ අතුරින් පෞද්ගලිකව වියදම් දැරීමට කැමැත්ත පළ කළ පුද්ගලයන් පමණක් දෛනිකව රු. 7500 බැගින් ගෙවීමේ පදනම මත හෝටල් පරිශ්‍රවල ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

COMMENTS