එළාර දුටුගැමුණු යුද සමයේ එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට පැමිණෙන සතුරන් පිළිබඳ ඔත්තු බැලීමට ඉදි කර තිබූ එක් ස්ථානයක් වන බැලුම්ගල ආරක්ෂ...
එළාර දුටුගැමුණු යුද සමයේ එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට පැමිණෙන සතුරන් පිළිබඳ ඔත්තු බැලීමට ඉදි කර තිබූ එක් ස්ථානයක් වන බැලුම්ගල ආරක්ෂිත බල කොටුවේ වටිනා පුරාවස්තු වන කොරවක්ගල්, ඉපැරණි චෛත්‍ය, ගල් කණු, මල් ආසන, ගල් ඇඳන්, සඳකඩ පහන, මුරගල් සහ ඉපැරණි ගොඩනැගිලි නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීම සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බව පසුගිය සතියේ අනාවරණය විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එල්ල වූ මෙම චෝදනාවට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ප්‍රතිචාර දැක්වීය.
“හැම සතියකටම උදා ගම්මාන දෙකක් හෝ තුනක් විවෘත වෙනවා. දැන් ඒක ඉලක්ක කරගෙන රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු කරපු බරපතල වරදක් මගේ ඇඟ උඩ දාලා මාව පුද්ගලිකව චරිත ඝාතනයකට ලක් කරලා මාව වට්ටවන්නට උත්සාහ දරනවා විවිධ කුහක කණ්ඩායම්. ප්‍රාදේශීය ලේකම් තමයි ඉඩම වෙන් කළේ ඒගොල්ලෝ තමයි වරද කරලා තියෙන්නේ. නිවාස අධිකාරියේ නිලධාරිනුත් හරියට අධීක්ෂණයක් යටතේ වැඩකටයුතු කළේ නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි 4 දෙනාගේම වැඩ තහනම් කළා.”
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා මෙසේ අදහස් දක්විය.
“පුරා වස්තුවලට හානි වෙලා තියෙන බව පිළිගන්නවා. මේ ඉඩම නෙවෙයි ඇත්තටම නිවාස යෝජනා ක්‍රමයකට සුදුසුයි කියල ප්‍රාදේශීය ලේකම් යෝජනා කරලා තියෙන්නේ. නමුත් එය යෝජනා කිරීම මිසක් ඉඩම පවරා දීමක් ප්‍රාදේශීය ලේකම් විසින් සිදු කරලා නැහැ. මේක යෝජනා කරලා තියෙන්නේ එකට යාබද ඉඩමක්. මුල්ගල් තිබ්බට පස්සේ සිදුවීමක් තමයි මේ සිදුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුරා විද්‍යා රක්ෂිත කොටසක් එක්ක ඩෝසර් කිරීමක් සිංහල අවුරුදු දවස්වල සිදු වෙලා තියෙනවා. ඒ හැරුණු විට මේක චේතනාත්මකව අපි විනාශ කරන්න ප්‍රායෝගිකව කරපු දෙයක් නෙවෙයි. ප්‍රාදේශීය ලේකම් විසින් හෝ වෙනත් කවුරුන් විසින් ජාතික උරුමයන් විනාශ කිරීමේ පරමාර්ථයකින් කරපු සිදුවීමක් නෙවෙයි.”
COMMENTS