නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල වැඩිවීමක් හෝ අඩු වීමක් සිදුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි...
නව ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකකට වරක් ඉන්ධන මිල වැඩිවීමක් හෝ අඩු වීමක් සිදුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
මාස දෙකක් ඉක්මවූ පසු එළඹෙන දිනයේදී ඉකුත් වූ මාස දෙක තුළ පැවති සාමාන්‍ය අගය මත ඛනිජ තෙල් මිල වෙනස් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
2015 වත්මන් රජය බලයට පත්වූ පසු සැලකිය යුතු මට්ටමින් ඉන්ධන මිල අඩු කළ බවත් ජාත්‍යන්තර තෙල් මිල වසර තුනක් පුරා දිගින් දිගටම වැඩි වුවද රජය එම පාඩුව දරාගත් බවද අමාත්‍යවරයා පැවසීය.
තෙල් මිල වැඩි කිරීම සිදු කළේ සංවර්ධනය සඳහා බවත් තෙල් මිල වැඩි නොකරන්නේ නම් අධ්‍යාපනය හා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර සඳහා වෙන් කරන මුදල් කප්පාදු කිරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS