කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ධර්ම කීර්ති පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක රඳවා සිටින (I) වාට්ටුවේ තිබී ජංගම දුරකතන 4ක් සහ සිම්පත් 05 ක් සොය...
බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මේවා සොයාගෙන තිබේ.
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අයි (I) වාට්ටුවේ කොස්ගොඩ තාරක සමඟ තවත් රිමාන්ඩ් සිරකරුවන් 10 දෙනෙකු රඳවා සිටින බවද පැවසේ.
පසුගියදා වැලිසර, මහබාගේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 225 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් ජාවාරම සඳහා මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින කොස්ගොඩ තාරක නැමැත්තා බවට මේ වන විට තොරතුරු හෙළිව තිබේ.
වරක් මොහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ද ඉදිරිපත් කර සිටි අයෙකි.
COMMENTS