COVID 19 ව්‍යාප්තිය හේතුවෙන් කල් දමා තිබෙන මහ මැතිවරණය පැවැත්වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන අඟහරුවාදා (12) තීරණයක් ගනු ඇති බව මැතිවරණ ...
හෙට දිනයේදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස් වන අතර අඟහරුවාදා මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජිතයින් කොමිසමට කැඳවා තිබේ.
ඒ අනුව අඟහරුවාදා දිනයේදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීමට හැකියාව පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මේ වන විටත් විපක්ෂය අවධාරණය කරමින් සිටින්නේ කොරෝනා අවධානම පහව යනතෙක් මැතිවරණය පැවැත්වීම සුදුසු නැති බවයි. ඊට ප්‍රතිචාර ලෙස පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාවක් නැති බවද ආණ්ඩු පක්ෂය පවසයි.
මේ අතර COVID 19 මර්දන මෙහෙයුමට අදාළව මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදයේ වෙනසක් වන්නේ නම් පවත්නා මැතිවරණ පනතට අනුව යම් යම් කාරණා සංශෝධනය විය යුතු හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවන බවටද කතා බහක් පවතියි.
COMMENTS