දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි මාසවල අපිට විශාල කරදර වෙයි..ආණ්ඩුව ඉතාම අමාරුවෙන් යන්නේ...බඩු මිළත් වැඩිවෙයි - එස්.බීගෙන් අනාවැකියක් (VIDEO)
Homeප්‍රවෘත්ති

ඉදිරි මාසවල අපිට විශාල කරදර වෙයි..ආණ්ඩුව ඉතාම අමාරුවෙන් යන්නේ...බඩු මිළත් වැඩිවෙයි - එස්.බීගෙන් අනාවැකියක් (VIDEO)

PropellerAds

ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල කඩාගෙන වැටී ඇති බවත් මේ ආණ්ඩුව අද ඉතාම අමාරුවෙන් වැඩ කටයුතු කරගෙන යන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන...

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදෙයි
“පාස්කු ප්‍රහාරයේ වගකීම මං මොකටද බාර ගන්නේ?”- හිටපු ජනපති (video)
පූජිත්ට සහ හේමසිරිට එරෙහි මුලික විමර්ශන අවසන් !
ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල කඩාගෙන වැටී ඇති බවත් මේ ආණ්ඩුව අද ඉතාම අමාරුවෙන් වැඩ කටයුතු කරගෙන යන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිිසානායක මහතා පවසනවා.

පෙරේදා (31) කොත්මලේ, පුඬළුඔය ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

"එක දවසක් රට වහපුවාම ආණ්ඩුවට කෝටි 450 ක පමණ පාඩුවක් සිදුවෙනවා. රට මාස ගණනක් වහල තිබුණ නිසා තමයි අද මේ තත්වයට හරි රට බේරාගෙන තියෙන්නේ. ඒ නිසා හුඟක්ම අමාරුයි. තව ඉදිරියේදදී බඩු මිළ වැඩිවෙයි. ඉන්ධනවල මිළ ඉහළ යයි. ගොඩක් නැතිබැරිකම් වලට අපිට මුහුණ දෙන්න වෙයි. මේ ප්‍රශ්නයට අපි හුරු වෙන්න ඕන." යැයි ඔහු ප්‍රකාශ කළා.

ආණ්ඩුව අමාරුවෙන් තමයි යන්නේ

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසුවා.

"මේ ආණ්ඩුව අද ඉතාම අමාරුවෙන් තමයි යන්නේ. අපට තිබුණ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල කඩාගෙන වැටිලා. ප්‍රධානතම ආදායම් මාර්ගය වන සංචාරක ව්‍යාපාරය අද බිංදුවටම වැටිලා. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ පවුල් ලක්ෂ 29 ක් ඉන්නවා අද යන එනමං නැතිව. දෙවෙනි ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස අපට තිබුණේ විදේශිය ශ්‍රමිකයින් ලංකාවට එවපු සල්ලි. ඒකත් අද සහමුලින්ම ඇද වැටිලා තියෙන්නේ. ඒ රටවල්වල වැඩකරපු දරුවෝ පසුගිය කාලේ ලංකාවට ආව නිසා එම තත්වය බලපෑවා. ඒ රටවල්වල සමහර අයට රැකියා නැතිවුණා. තුන්වෙනි ආදායම් මාර්ගය ලෙස අපට තිබුණ ඇඟළුම් කර්මාන්තය. ඒවායේ මහපු රෙදි ටික අපිට පිටරටට යවා ගන්න නැව් නැතිවුණා. නැව් ගාස්තු අද වෙනකොට 300% කින් වැඩිවෙලා. අපේ නිෂ්පාදන ලෝකයේ රටවල්වලට අලෙවි කරල මිළ කරගන්න අපට බැරි වුණා. මේ සියල්ල මධ්‍යයේ රට මාස ගණනක් වහලා තිබුණා.

වෙළඳපලේ විශාල කඩා වැටීමක්

රෙදිපිළිවල අඩුපාඩුකම් හා අපි එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩ  නිෂ්පාදනය වෙළඳපලේ විශාල කඩා වැටීමක් සිදුව තිබෙනවා. චීනයේ මේ වනවිටත් ගල් අඟුරු නිෂ්පාදනය වෙන්නේ නැතිව චීනයේ ප්‍රාන්ත 09 ක විදුලිය විසන්දධි කරලා තිබෙනවා. ඉන්දියාවේ සමහර දේවල් නිෂ්පාදනය කර ගන්න බෑ. කම්පියුටර් චිප්ස් නොයෙකුත් රටවල නිෂ්පාදනය කරන ඒවා වෙලාවට ඇවිත් නැති නිසා. ඒ නිසා ඉදිරි මාස 06ක් 07ක් අපිට විශාල කරදර වෙයි. වැඩිහිටියන්ට මතක ඇති 1972, 1978 කාලේ මුළු ලෝකයේම මේ වගේ අහේනියක් හා සාගතයකට අපි මුහුණ දුන්නා. ඒ කාලේ හාල් සේරු 02 කට වැඩියෙන් ගිනිච්චොත් පොලීසියෙන් අල්ලනවා. මිරිස් රාත්තල් 02 කට වඩා ගිනිච්චොත් පොලීසියෙන් අල්ලනවා. ඒ වගේම අඟහරුවාදා, සිකුරාදා ගෙදරක බත් ඉව්වොත් පොලීසියෙන් අල්ලගෙන යනවා. මුට්ටිය පොලීසියට ගෙනියනවා. ඒ වගේ දුෂ්කර අවදිවලට අපි මුහුණ දීලා තිබෙනවා.

ඒ වගේම අපේ රටේ කිබුණ  30 අවුරුදු යුද්ධයේ අවසන් අදියර එනකොට රටේ මිනිසුන්ට විශාල අමාරුකම් තිබුණා. හැබැයි 2009 යුද්දේ අවසන් වෙලා 2015 වෙන කොට අපි ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට පත් වුණා. අද අපිට හුගක්ම අමාරුයි. මම විශ්වාස කරනවා මේ කරදරයෙන් ලබන අවුරුද්දේ අවසන්වන විට බේරිලා නැවත මේ රට වේගයෙන් නැගිට්ටගන්න පුළුවන් වෙයි කියල. තවමත් අපි නිෂ්පාදනය කරන තේ ටික අපිට පිටරටට යවා ගන්න බැරි වෙලා තිබෙනවා. ප්‍රධාන හේතුව නැව් එන්නේ නෑ. නැව්වල හිටපු කපිතාන්වරු ඒ අයගේ රටවල් වලට ගියා. ලංකාවේ අයත් ඒ අතර හිටියා. ඇමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටවල්වල භාණ්ඩ වරායට ගේන්න විශාල ලොරි, ට්‍රක් පාවිච්චි කරනවා. ඒවායේ රිදුරන් නෑ. ඒ අය ඒ අයගේ රටවල්වලට ගිහින්.

අමාත්‍යාංශවල වියදම් කප්පාදුවක්

රට ලබන වසරේ අමාරුවෙන් තමයි දුවන්න වෙන්නේ. ඒක අපි තේරුම් ගමු.ඉතාම දුෂ්කර දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම දැක්කා පිටරට පුවත්පත්වල තිබෙනවා දැක්කා මේ නත්තල් සමය එනකොට ලෝකයේ විශාල වශයෙන් භාණ්ඩ හිඟයක් ඇතිවෙයි කියල. මේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ සියළු ප්‍රශ්න මැද රජය පාරවල් හදන වැඩේ, පානීය ජලය මිනිසුන්ට ලබා දෙන වැඩ සඳහා 12 වෙනිදා එන අය-වැයෙන් විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ , අගමැතිතුමාගේ, ඇමතිවරුන්ගේ, අමාත්‍යාංශවල වියදම් විශාල වශයෙන් කපා දමා තිබෙනවා. තව ටික කාලයක් අමාරුවෙන් යන්න වෙයි. එසේ ගියත් අපි සියළු දෙනාම එකතුවෙලා අපේ රට ගොඩ ගන්න උත්සාහ කරමු." යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

එම වීඩියෝව පහතින්,


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි මාසවල අපිට විශාල කරදර වෙයි..ආණ්ඩුව ඉතාම අමාරුවෙන් යන්නේ...බඩු මිළත් වැඩිවෙයි - එස්.බීගෙන් අනාවැකියක් (VIDEO)
ඉදිරි මාසවල අපිට විශාල කරදර වෙයි..ආණ්ඩුව ඉතාම අමාරුවෙන් යන්නේ...බඩු මිළත් වැඩිවෙයි - එස්.බීගෙන් අනාවැකියක් (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiolr7Kr2rNS8mo9_khgOWYXWWSFDhtaOrRab1jFgl6A7oNy0wnhFkdHvKifJWD__tZnlU2l2va_ZT_azrXidtsLqK6PsP_xD0Fe4GwiwtiB6VeReiShagf4Dbu8XZIRaoKqm0fX_kgQpyO/s320/sb-dissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiolr7Kr2rNS8mo9_khgOWYXWWSFDhtaOrRab1jFgl6A7oNy0wnhFkdHvKifJWD__tZnlU2l2va_ZT_azrXidtsLqK6PsP_xD0Fe4GwiwtiB6VeReiShagf4Dbu8XZIRaoKqm0fX_kgQpyO/s72-c/sb-dissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/video_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/video_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy