දැ නට දින නියම කර ඇති ජූනි 20 වෙනිදාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුවුවහොත් ඉන්පසු දින 14ක් ගතවූ විට නැවත ඕනෑම දිනයක...
දැනට දින නියම කර ඇති ජූනි 20 වෙනිදාට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුවුවහොත් ඉන්පසු දින 14ක් ගතවූ විට නැවත ඕනෑම දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසන් සභාවට ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ ඇතිවී තිබෙන තත්වය මත මැතිවරණය සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුකූලව පැවැත්විය යුතු වුවත් මැයි 10 දායින් පසුව ද ඒ සඳහා සුදුසු වටපිටාවක් ඇතැයි සෞඛ්‍ය අංශ වල නිර්දේශයක් අවශ්‍ය බවයි.
එසේ නොවන්නේ නම් ජූනි 20 දින මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත තත්ත්වයක් ඇති වන බවත් එතැන් සිට සති දෙකක් ඉක්ම ගිය පසු එනම් ජූලි 4 වැනිදා ඉන්පසු නැවත මැතිවරණයක් පැවැත්වීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇතැයි ද ඔහු සඳහන් කළේය.

COMMENTS