දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා මර්දනයේ ගෞරවය අපට නොදී සමකයට දෙනවා - විමල්ගෙන් විපක්ෂයට චෝදනා
Homeප්‍රවෘත්ති

කොරෝනා මර්දනයේ ගෞරවය අපට නොදී සමකයට දෙනවා - විමල්ගෙන් විපක්ෂයට චෝදනා

PropellerAds

ජ නාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කොරෝනා මර්ධනය සාර්ථක ලෙස කර තිබියදී විපක්ෂය එහි ගෞරවය ඔව...

'සේනාධිනායකගේ නියෝගයක්‌ නිසා නාවික හමුදාපති හැසිරුණේ' - මහින්ද
හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!
නියඟයක් ගැන තොරතුරක් නිසා පිටරටින් සහල් ගෙන්වයි
නාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කොරෝනා මර්ධනය සාර්ථක ලෙස කර තිබියදී විපක්ෂය එහි ගෞරවය ඔවුන්ට නොදී මෙරට කොරෝනා ව්‍යාප්තිය අවම වූයේ ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටක් වීම නිසා යැයි ප්‍රකාශ කරන බවත් මෙවැනි කුඩුකේඩු ආත්මාර්ථකාමී හැසිරීමක් ලොව කිසිදු විපක්ෂයක් නොපෙන්වන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"කොරෝනා වසංගතය ලෝක පරිමාණව ඇවිලෙන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඉතා වැදගත් ඉල්ලීමක් කරනු ලැබුවා. එම ඉල්ලීම සිදු කරනු ලැබුවේ එක් එක් රටවල රාජ්‍ය නායකයන්, පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්. ඔහු ඉල්ලා සිටියේ 'ඔබලා සීමා ඉරි මකා දමන්න. දේශපාලන වෙනස්කම් අමතක කරන්න. වෙනත් වෙනස්කම් අමතක කරන්න. මේ වසංගතය පරාජය කිරීම පිණිස ඔබලාගේ රටවල් තුළ උසස් මනසින් හෙබි මිනිසුන් ලෙස කටයුතු කරන්න' කියා.

ඔබ දන්නවා, ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, කැබිනට් මණ්ඩලය ඇතුළු මෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන වාද භේදයකින් තොරව සිය උපරිම කැපවීමෙන් මෙම කොරෝනා වසංගතය පාලනය පිණිස කටයුතු කරමින් සිටින බව. යම් රටක් වසංගතයක් පාලනය කරලාද, නැද්ද කියා මැන බැලීමේ ප්‍රධානතම මිනුම් දණ්ඩ තමයි, එම වසංගතය එම රටේ සෞඛ්‍ය අංශවල ධාරිතාවට දරා ගත හැකිද, නොහැකිද යන්න. අද වනවිටත් අපේ රටේ දැඩි සත්කාර ඒකක ඇදන් සියල්ලම කොරෝනා රෝගීන්ගෙන් පිරී නැහැ. තවදුරටත් සමස්ත මරණ සංඛ්‍යාව 10ට අඩු ඉලක්කමක තබා ගන්න හැකි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සමස්ත රෝගීන් සංඛ්‍යාව 800කට අඩුයි. ඉන් 200කට අධික සංඛ්‍යාවක් මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා. ඒ කියන්නේ අපි රටක් ලෙස මේ වසංගතය සාර්ථකව පාලනය කරමින් සිටින බව නොවේද?

ඉන් කියවෙන්නේ මේ රටේ දේශපාලන නායකත්වය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සාර්ථකව තම වගකීම් ඉටු කරන බවයි. රුපියල් 5000ක සහනය එය හිමි පිරිසෙන් 99.9%ක පිරිසකට ලබා දීමට මෙරට ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සමත්ව තිබෙනවා. 'කොරෝනා එනකොට එදා හිටපු වහපාලනය හිටියා නම් මේ රටට දෙයියන්ගෙම පිහිටයි' කියා හිත යටින් පවසන්නේ අපි නොවෙයි එදා ඒ වහපාලනය කැන්දාගෙන ආපු පිරිසමයි.

ඒත් මෙවැනි ලෝක පරිමාණ වසංගතයකට රටක්, ජාතියක් මුහුණ දී සිටින විට ලෝකයේ කිසිදු රටක විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ආත්මාර්ථකාමී හැසිරීමක් මේ රටේ විපක්ෂය අද පෙන්නුම් කරමින් සිටිනවා. මේ අය එකිනෙකා ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, හෙද නිලධාරීන් ආදී වශයෙන් රාජ්‍ය නිලධාරීන් අකර්මණ්‍ය කිරීමේ ක්‍රමවේද සොයමින් සිටිනවා. වසංගත තත්ත්වය පාලනය හොඳ නම් එහි ගෞරවය ‘සමකයට’ ලබා දෙනවා.

'වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් ඇතුළු අනෙකුත් සුව සේවා නිලධාරීන් කළ දෙයක් නැහැ. ක්ෂේත්‍ර නිලධාරීන්, ආරක්ෂක හමුදා, බුද්ධි අංශ කළ දෙයක් නැහැ. මේ රටේ කොරෝනා වෛරසය පාලනය වී ඇත්තේ සමකයට ආසන්න රටක් වීම නිසයි' කියලයි ඔවුන් කියන්නේ. මේ තකතීරු - කුඩුකේඩු විපක්ෂයේ තර්කය අනුව ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා බරපතළ ලෙස ව්‍යාප්ත වන්නේ ට්‍රම්ප් ගත් තීරණවල අවුලක් නිසා නොවෙයි, 'ඇමෙරිකාව සමකයට ඈතින් පිහිටි රටක් වීම' නිසයි. ඒ නිසා මෙවැනි විපක්ෂයක් කොරෝනා වසංගතයටත් වඩා භයානකයි"


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා මර්දනයේ ගෞරවය අපට නොදී සමකයට දෙනවා - විමල්ගෙන් විපක්ෂයට චෝදනා
කොරෝනා මර්දනයේ ගෞරවය අපට නොදී සමකයට දෙනවා - විමල්ගෙන් විපක්ෂයට චෝදනා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI0uy18GDvpGDebLsIWt_7f821OIJWJJb7rcI1cUAnCycVqKrk5GxcuNpGDRl1haXICu-K9kBIykT_saMgGsKYXI3HSb55DDrT_eY-e2AzD994-DE_e-q9FhkRauxIPcUXLvnT99yGzXE/s320/image_815beb6936.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI0uy18GDvpGDebLsIWt_7f821OIJWJJb7rcI1cUAnCycVqKrk5GxcuNpGDRl1haXICu-K9kBIykT_saMgGsKYXI3HSb55DDrT_eY-e2AzD994-DE_e-q9FhkRauxIPcUXLvnT99yGzXE/s72-c/image_815beb6936.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy