දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරි කලයට ගොම.. මුදලට නිරෝධායනය කිරීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන කඩලා !
Homeප්‍රවෘත්ති

කිරි කලයට ගොම.. මුදලට නිරෝධායනය කිරීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන කඩලා !

PropellerAds

මෙ හි දැක්වෙන්නේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයකි මුදලට නිරෝධායනය සිදුකිරීම රෝගීන්ගේ අයිතිවා...

කොරෝනා පලමු වටය පාලනය කලාට දෙවැනි රැල්ල පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ.. එය හැකි අපට විතරයි.. මා අගමැති කර කොරෝනා දෙවැනි රැල්ලෙන් බේරෙන්න - රනිල් වික්‍රමසිංහ
ඇත් දළ යුගලක් සමඟ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට..!
හිටපු ඇමති දෙදෙනෙක් ගුටි ඇනගෙන? පිස්තෝලයත් අදී?
මෙහි දැක්වෙන්නේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයකි

මුදලට නිරෝධායනය සිදුකිරීම රෝගීන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක්
ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 රෝගය පාලනය සදහා ක්‍රියාත්මක වැඩ පිළිවෙල,ලෝකයේ අන් සියලු දියුණුයැයි පැවසෙන රාජ්‍යන් මගින් සිදුකරන වැඩසටහන් හා සාපේක්ෂව ඉතාමත් විශිෂ්ඨ මට්ටමක පවතින බව ජාත්‍යන්තර පිළිගැනීමයි.අතිගරැ ජනාධිපතිතුමා,සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුලු රාජ්‍ය සේවක ප්‍රජාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

එහෙත් “කිරි කළය කට ගොම එකතු වන්නා සේ ” සිදුවන සිද්ධිදාමයක් පිළිබදව වාර්තා වෙමින් පවතී.එනම් දිනකට රැ 7500 ක මුදලක්අය කරගනිමින් ,රෝගීන් නිරෝධායනය සදහා වු වැඩ පිළිවෙළයි.මුදලට නිරෝධායනය සිදු කිරීම, නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටක සිදුවන පිළිකුල් සහගතම වැඩපිළිවෙලක් බව ප්‍රකාශ කල යුතුය.නිදහස් සෞඛ්‍ය සේවයක දී “ ඇති හැකි අයට එක් නීරෝධායන ක්‍රමයක් සහ නැති බැරි අයට එක් ක්‍රමයකුත් පැවතිය නොහැකිය.සියල්ලන්ම රෝගීන් මිස ධනවතුන් හෝ දුප්පතුන් නොවේ.

“එක හා සමානවම ආවරණය වන පරිදි ගුණාත්ම තත්තවයෙන් ඉහල සෞඛ්‍ය සත්කාර ලබා ගැනීමේ අයිතිය රෝගියා සතුය.කිසිදු රෝගියෙකුගේ ලිංගිකත්වය, ජාතිය,ආගම,කුළය, ප්‍රදශෙවාදය, ශරීරයේ ස්භාවය, රෝගියාගේ රෝගය, මුදල් ගෙවීමේ හැකියාව ඇතුථ කිසිදු කරැණක් මත කිසිදු ආකාරයක වෙනස් කමක්, කෘරභාවයක් නොකළ යුතුය“

මේ ඉහත දක්වා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබදව දක්වා ඇති උපමානයයි.මුදලට නිරෝධායනය සිදු කිරීම මගින් සිදු කර ඇත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමය.ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන නිදහස් සෞඛ්‍ය සේවාවන් සැපයීමේ දී රෝගියාගේ මුදල් වැය කිරීමේ හැකියාව පිළිබදව නොසලකා කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර පිළිගැනීමයි.

ක්ෂේත්‍ර නිළධාරීන් රැක ගනිමු-සෑම ග්‍රාමසේවා වසමකම සෞඛ්‍ය පහසුකම් නංවන්න.

කොවිඩ්-19 වසංගත රෝගය පැතිරීමත් සමගම ලාංකීය ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම සදහා රජය මගින් කේෂ්ත්‍ර නිළධාරීන් වඩාත් කාර්යක්ෂම ලෙස සේවයට යොදවා ගෙන ඇති බව පෙනෙන්නට ඇති කරැණකි.

සෞඛ්‍ය අංශයට අයත් නොවන ග්‍රාම නිළධාරීන්,සංවර්ධන නිළධාරීන්,සමෘධි නිළධාරීන් සහ කෘෂි නිළධාරීන් ඇතුථමෙම නිළධාරීන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පහසුකමක් නොමැතිව ග්‍රාමීය මෙන්ම නාගරික මට්ටමින්ද ජනතාව සමග උරෙන් උර ගැටී සේවය කරනු දක්නට ලැබේ.එහෙත් කණගාටුව කරැණ වන්නේ මෙම කිසිදු නිළධාරියෙතු සදහා රජය මගින් සෞඛ්‍ය ආරක්ෂාව සදහා අවශ්‍ය පහසුකම් සපයා නොතිබීමයි.

පසුගිය සති දෙක තුළ මෙම නිළධාරීන් රැපියල් 5000 දීමනාව ජනතාව වෙත ලබාදීම සදහා ඇසුර කරන්නට යෙදුන ජන ප්‍රමාණය, ආරක්ෂක අංශ සහ පොලිස් සේවයට වඩා වැඩි ප්‍රමාණයක් වේ.අවාසනාවට හෝ මෙම එක් කේෂ්ත්‍ර නිළධාරියෙකුට හෝ කෝවිඩ්-19 සම්ප්‍රේෂණය උවහොත් සිදුවන විනාශය කිව නොහැකි තරම් වනු ඇත.එසේ වුවහොත් ග්‍රාම සේවා වසම්,ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාල,දිස්ත්‍රික් ලේකම් කාර්යාල දක්වා වසා දමන්නට සිදු වනු ඇති.මෙම සියලු කරැණු සලකා බලා සෞඛ්‍ය අමාත්‍යංශය සහ ස්වදේශී කටයුතු අමාත්‍යංශය ක්ෂණික පියවර ගනු ඇතැයි අපේ අපේක්ෂාවයි.

මේ සදහා වු අපගේ යෝජනා මෙසේ දක්වමු.

01 ග්‍රාමසේවා වසම් මට්ටමින් ජනතාව රැස්වන සේවා පියස් කාර්යාල,ග්‍රාම නිළධාරී කාර්යාල ප්‍රජා ශාලා සියල්ල විෂබීජ හරණයකිරීම
02 කේෂ්ත්‍ර නිළධාරීන් සදහා ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය ආරක්ෂිත මුව වැස්මක්,අත් වැස්මක්,විෂබීජ නාෂක අත් සේදුම් කාරක (Hand Sanitizer) ලබා දීම
03 සෑම ග්‍රාම සේවා වසමක් සදහාම උෂ්ණත්ව මාපකයක්(Thermometer) ලබා දීම.
04 සෑම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයකටම ඉහත සියලුම පහසුකම් ලබා දීම.

ධම්මික එදිරිසිංහ
සභාපති
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරි කලයට ගොම.. මුදලට නිරෝධායනය කිරීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන කඩලා !
කිරි කලයට ගොම.. මුදලට නිරෝධායනය කිරීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන කඩලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghmoyZIm6B_Z1jkBYcV07JNzpZBsGm7UHcuIP_8KFpWcZLcUBuGGhwnC-5HaifqG8HgjzuDrv2fE1TGVKQm7ISjgSwy-szgWfaCHuk9HVtLZWog9tUC7jFCYlkFgov2FU59gzP51Q9LGQ/s320/hotel.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghmoyZIm6B_Z1jkBYcV07JNzpZBsGm7UHcuIP_8KFpWcZLcUBuGGhwnC-5HaifqG8HgjzuDrv2fE1TGVKQm7ISjgSwy-szgWfaCHuk9HVtLZWog9tUC7jFCYlkFgov2FU59gzP51Q9LGQ/s72-c/hotel.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy