දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවිට එරෙහිව මහින්ද ඡන්දය නොදෙන්නේ ඇයි? [Video]
Homeප්‍රවෘත්ති

රවිට එරෙහිව මහින්ද ඡන්දය නොදෙන්නේ ඇයි? [Video]

PropellerAds

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාස භංග යෝජනාවට සුපුරුදු පරිදි ඡන්දය නොදෙන බව ...

නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ලංකාව බංකොලොත් කියන්න පුදුම තදියමක් තිබුනේ - විමල් වීරවංශ
ෆුට් බයිසිකලයක් නොතිබුන අයට රෝද හතරේ වාහන අරන් දුන්නේ අපයි - මහින්ද
පොහොට්ටු සමුළුවට පිරිස ගෙනැවිත් ඇත්තේ වවුචර් දීලා..

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාස භංග යෝජනාවට සුපුරුදු පරිදි ඡන්දය නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමා මෙවර පාර්ලිමේන්තුවට පත්වූ පසු කිසිඳු අවස්ථාවක ඡන්දය දී නැතැයි ද ඔහු කියා සිටියි.

ඔහු එබව සඳහන් කලේ, ඊයේ (05) බේරුවල දී අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමිනි.

රවී කරුණානායක අමාත්‍යවරයාට ඉවත්වන ලෙස ජනපතිවරයා කළ බව කියන දැනුම්දීම සහ එවැනි ඉල්ලීමක් කර නැතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඇත්ත කියන්නේ කව්දැයි නොදන්නා බවයි.

රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ හැමෝම අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

වඩාත් වැදගත් වන්නේ තම මතය නොව ජනතාවගේ මතය බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.




විශ්වාසභංගයට පෙර තීන්දුවක් !

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) ප්‍රකාශ කර සිටියේ,අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබදව ඡන්ද විමසීමට පෙර පවතින තත්ත්වය පිළිබදව යම් තීන්දුවක් ගැනෙනු ඇති බවයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇමතිවරුවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ද රවී කරුණානායක අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ඔහු කියා සිටියේ ය.

සියලුදෙනාගේ එකඟත්වයෙන් :

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ අද පැවති ඩෙංගු මර්දන වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් කියා සිටියේ යහපාලන ආණ්ඩුව හැමවිටම නීත්‍යානුකූල ක්‍රමවේදවලට අනුව කටයුතු කරන බැවින් රවී කරුණානායක අමාත්‍යවරයා පිළිබදව සියලූදෙනා සාකච්ඡා කර එකගතාවයකට පැමිණෙන බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවිට එරෙහිව මහින්ද ඡන්දය නොදෙන්නේ ඇයි? [Video]
රවිට එරෙහිව මහින්ද ඡන්දය නොදෙන්නේ ඇයි? [Video]
http://ift.tt/2vCvi8C
https://i.ytimg.com/vi/VlopPwrVVIw/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy