මත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේස...
මත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවැසීය.
ඉන්දියානු ආයෝජකයා සහ රජය අතර පවත්වන එම සාකච්ඡා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බව හෙතෙම කීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක්
''මත්තල ගුවන් තොටුපළේ මාසයක ආදායම ලක්‌ෂ 40 යි. වියදම ලක්‌ෂ 250 යි. දවසකට එන්නේ ගුවන් යානා 3 යි. මාසයකට ණය ගෙවන්න ලක්‌ෂ 3000 ක් වැයවෙනවා.''
අවුරුද්දකට රුපියල් කෝටි 360 ගාණේ අවුරුදු අටක් රජය ණය ගෙවිය යුතුයි යෑයිද හෙතෙම පැවැසීය.
මත්තල ගුවන් තොටුපළ හදන්න රුපියල් කෝටි 4000 ක් පමණ රාජපක්‍ෂ ආණ්‌ඩුව වැයකර ඇතැයිද රජයට තවදුරටත් මෙම ණය කන්ද උස්‌සාගෙන යැමට නොහැකි යෑයිද හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටුපළ ද විදේශ ආයෝජකයෙකුට ළඟදීම ලබා දෙන බවද ඇමැතිවරයා පැවැසීය.
COMMENTS