''ආර්ථික ඝාතකයාගෙන් ප්‍රවේශම් වන්න. ඔහු තවත් ජනාධිපතිවරයකු නොමඟ යවමින් සිටියි.'' යනුවෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහ...
මංගල සමරවීර මහතා සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් පවසන්නේ පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව මඟින් මාර්තු 06 වන දින රුපියල් බිලියන 1229 කට නව අතුරු සම්මත ගිණුමක් සකස් කළ බවයි. ව්‍යවස්ථාවේ 150/3 යටතේ ජනාධිපතිවරයාට බලය පැවරිය හැක්කේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දිනයේ සිට පමණක් වන අතර ආර්ථික ඝාතකයාගෙන් ප්‍රවේශම් වන්න. ඔහු තවත් ජනාධිපතිවරයකු නොමඟ යවමින් සිටින බවයි සමරවීර මහතා පෙන්වාදෙන්නේ.
අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් ආර්ථික ඝාතකයා යන නම කරළියට ගෙනවිත් එය ආදේශ කරන ලද්දේ වත්මන් ජනාධිපති ලේකම් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාටය.
කෙසේවෙතත් වත්මන් ජනාධිපති ලේකම්වරයා ලෙස පී.බී.ජයසුන්දර මහතා මේ වන විට රාජ්‍ය සේවකයාගේ මැයි මස වැටුපෙන් අඩක් හෝ සතියක වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස කර තිබෙන ඉල්ලීමටද දසතින් විරෝධය මතුවෙමින් තිබේ. තමන්ද මැයි මස වැටුප රජයට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති අතර සෙසු රාජ්‍ය සේවකයන්ටද ඔහු පසුපස පැමිණෙන ලෙස කර තිබෙන ඉල්ලීම කොතෙක් දුරට සාධාරණද නැද්ද යන්න දැන් ජනතාව විසින්ම පෙන්නුම් කරමින් ඇත.
COMMENTS