පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ජෝසෆ් ඇලෝසියස්ට ලබන 13 වනදා සිට සතියක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රී ජෝසෆ් ඇලෝසියස්ට ලබන 13 වනදා සිට සතියක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද අවසර ලබා දුන්නා ය.
ජෙෆ්රි ජොසප් ඇලෝසියස් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාස දෙකක කාලයක් සඳහා ඉන්දියාව බලා යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණ.
කෙසේ වෙතත් ඒ සඳහා වන වෛද්‍ය නිර්දේශ ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.
ඒ අනුව ඔහුට ලබන 13 වනදා සිට 20 වනදා තෙක් පමණක් විදෙස්ගත වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා ය.
COMMENTS