ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසයෙන...
එම කාර්ය සාධක කමිටුවේ නියෝජිතයන් වන ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේදී රැස්වී මෙම එකඟතාවට එළැඹිණි.
නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පැවැති මෙම ත්‍රෛපාර්ශවීය කමිටු රැස්වීමේදී පෞද්ගලික අංශයේ ආයතන වලට සහ ඒවායෙහි වැඩ කරන සේවක සේවිකාවන්ට බලපාන විශේෂ තීරණ රැසකට එළැඹිමට හැකි විය.
සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව රජයේ ප්‍රතිපත්තිය බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඒ අනුව, කොරෝනා හෙවත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයකු රැකියාවෙන් ඉවත් නොකිරීමට තීරණය විය. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරි කිරීමටත්, එහිදී අවශ්‍යතාව අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් තීරණය කෙරිණි.
සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, සේවයේ යොදවන තෙක් (නිවසේ රැඳී සිටින කාලය සඳහා) මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14500/= ක් යන දෙකින් වැඩි ප්‍රමාණය ගෙවීමටත් තීරණය කෙරිණි.
එසේම, EPF සහ ETF නිසි පරිදි තැන්පත් කිරීමට ද තීරණය කළේය.
මෙම එකඟතාවන් කොවිඩ් – 19 කාල වකවානුවට අදාලව 2020 මැයි සහ ජූනි මාසවලට සීමාවවන අතර ජූනි මස අවසානයේදී නැවත එම කමිටුව රැස්වී සමාලෝචනය කිරීමට ද නියමිතය.
රැස්වීම සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරු ද එක්ව සිටියහ.
– සරත් කලුගමගේ
COMMENTS