මැ යි මාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්, සමෘද්ධි පොරොත්තු ලේඛනවල සිටින ප්‍රතිලාභීන් සහ අනෙකුත් අය සඳහා රුපියල් 5000 ගෙවීම සඳහා රුපියල් කෝටි 1600ක්...
මැයි මාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්, සමෘද්ධි පොරොත්තු ලේඛනවල සිටින ප්‍රතිලාභීන් සහ අනෙකුත් අය සඳහා රුපියල් 5000 ගෙවීම සඳහා රුපියල් කෝටි 1600ක් කෙටි කාලීන බැංකු ණයක් ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.
ඊයේ ( 21 ) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.
මැයි මස රුපියල් 5000 දීමනාව ගෙවීමට අවශ්‍ය අමතර මුදල් සමෘද්ධි අරමුදලෙන් ලබා ගැනීමට ඇති අපහසුව සහ භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන නොමැතිවීම මත මෙසේ කෙටි කාලීන ණයක් ලබා ගැනීමට අගමැතිවරයා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා කීවේය.
ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු අරමුදල වෙත මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතය.
ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ඇති සමෘද්ධි දෙපාර්තමේන්තුව සතු තැන්පතු සුරැකුම් ලෙස තබා ගනිමින් මෙම ණය මුදල සහ ඊට සුදුසු පොලිය තීරණය කිරීම සඳහා බැංකු සමඟ සාකච්ඡා කිරීමේ වගකීම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට පවරා තිබේ.
ජුනි 5000 නැවතුණේ කොමිසමේ ලියුමට ?
කෙසේවුවද, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත Covid - 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව ජුනි මාසයට ලබාදීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.
අමාත්‍ය මණ්ඩලය ඊයේ (20) රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ප්‍රකාශ කරයි.
ඔහු එහිදී එහිදී ආපදාවන්ට ලක් වූ ජනතාවට ජුනි මාසයේදීත් රුපියල් 5000 ලබා දීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයට දැනුම් දී ඇති බවද කියා සිටියේය.
කෙසේවුවද, මැතිවරණ කොමසාරිස්වරයා රජයට දැනුම් දී ඇත්තේ Covid-19 පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට සිය ජීවනෝපාය ආරම්භ කළ හැකි නම් ජුනි මාසයේදී මෙම දීමනාව ලබා දීම පිළිබඳව සලකා බලන ලෙස යැයි මේ වන විට හෙළිව තිබේ.
ජුනි මාසයේදී ද රුපියල් 5000 දීමනාව ලබා දෙන බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව පවුල් ලක්ෂ 74කට එය ලැබීමට නියමිතව තිබිණි.

COMMENTS