තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එක්තරා ස්ථානයක සිට කටයුතු කරන ආකාරය දැක්වෙන...
තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එක්තරා ස්ථානයක සිට කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දින කිහිපයේම අන්තර්ජාලයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුම මගින් ප්‍රතිචාර දක්වා ඇත.
අමාත්‍යවරයා එමගින් පවසා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා වියුක්තිය ඉහළ මට්ටමක පවතින බවයි.
පසුගිය රජයට වරාය හා ගුවන්තොටුපළ මගින් රැකියා නිර්මාණය කිරීමට නොහැකි වූ බවත්, තමන්ට ලැබුණු පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරී තනතුරු ඇබෑර්තු කිහිපයක් වෙනුවෙන් ඔවුන් තෝරාගැනීමක් සිදුකළ බවත්, හෙතෙම පවසා තිබේ.
තවද තමන් විසින් සිදුකළ එම ක්‍රියාදාමය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අවලාද නැඟු සියළුදෙනාගේ ප්‍රතිචාර අගය කරන බවත්, තමන් සියළුදෙනාටම ආදරය කරන බවත්, එසේම තමා උත්සාහ කරන්නේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම්දීමට බවත් අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS