සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ ඖෂධ වර්ග 47ක උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් පත්‍රය ලබන සිකු...
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ ඖෂධ වර්ග 47ක උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් පත්‍රය ලබන සිකුරාදා (21) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා කියාසිටියේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව යමින් ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 47ක මිල පළමු අදියර යටතේ අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.
දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා අවශ්‍යය ඖෂධ ඊට ඇතුළත් වේ.
සිකුරාදා දින නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රයෙන් මිල ගණන් අඩු කිරීමේ ක්‍රමවේදය සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය යන රාජ්‍ය ආයතන 02ක් නම් කරන බවත් ඔහු කියාසිටියේය.
COMMENTS