දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Identity card system
Homeප්‍රවෘත්ති

Identity card system

PropellerAds

Covid – 19 වයිරසය දරුණු අන්දමින් රට පුරා පැතිරයෑමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඇති වෙළෙඳස...

මධ්‍යම පළාත් සභාවේදී නව බදු පනතට ගිනි තබයි
ජනපති හමුවී සම්බන්ධන් විශේෂ සාකච්ඡාවක - TNA ස්ථාවරය අද රෑට
සියලු ආණ්ඩුකාරවරුන්ට මාරුවක්! රෙජිනෝල්ඩ් ඉල්ලා මහ ඇමැතිවරු සටනක
Covid – 19 වයිරසය දරුණු අන්දමින් රට පුරා පැතිරයෑමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඇති වෙළෙඳසල්වලට එක් එක් දිනවල එක් එක් පුද්ගලයකු නිවසින් බැහැරවීමට අවස්ථාව සැලසීමෙන් හැම නිවෙසක් තුළටම කොරෝනා වයිරසය රැගෙන යෑමට පාර කැපීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මෙම අවදානම නොසලකා හැර කටයුතු කළහොත් සෑම නිවෙසකින්ම කොරෝනා ආසාදිතයන් බිහිවී රෝගය පාලනය කරගත නොහැකි වෙනවා පමණක් නොව ආසාදිතයන් ගමක්, නගරයක් පාසා පොකුරු පිටින් බිහිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

එක් නිවෙසකින් භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා නිරෝගී තරුණ එක් පුද්ගලයකුට නිවෙස ආසන්නයේ වෙළෙඳසලකට යෑම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

දැනට දින කිහිපයක සිට නාවික හමුදාවේ සාමාජිකයන් හරහා පැතිර යෑමට පටන්ගත් Covid 19 වසංගතයට ගොදුරු වූ පුද්ගලයන්, මෙතෙක් එකම කොරෝනා ආසාදිතයකු වාර්තා නොවූ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බවත්, එසේ හමුවී ඇති ආසාදිතයන්ගේ නිවෙස් ආසන්නයේ නිවෙස් ආශි්‍රතව ආවේක්‍ෂණ හා පරීක්‍ෂණ තවමත් අවසන් වී නොමැති මේ අවස්ථාවේ, සමාජ දුරස්ථභාවය ආරක්‍ෂා කිරීමට මෙන්ම සංචරණ සීමාව පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

අවදානම් සහගත තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ඇති විය හැකි භයානක තත්ත්වයට රටත්, ජනතාවත් ගොදුරුවීමට ඉඩ නොතබා විශේෂයෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කිහිපයක අලුතින් මතුව ඇති අවදානම විශේෂ සැලකිල්ලට ගත යුතු බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ, Covid – 19 රෝග ව්‍යාප්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය කඩිනමින් සමාලෝචනය කරන ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බවද පැවැසීය.

කුරුණෑගල වැනි සමහරක් දිස්ත්‍රික්කවල රෝගය ඇතැයි හඳුනාගත් නාවික හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයන්ට පවා රෝගය වැලඳී ඇතැයි තහවුරු වී ඇති බැවින්, අලුතින් මතුව ඇති මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර, සමාජ දුරස්ථකරණය අරමුණු කරගත් පුද්ගල සංචරණ සීමාවන් හඳුනාගත් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන මෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත තම සංගමය යැවූ ලිපිය මඟින් ඉල්ලීමක් කළ බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

– mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Identity card system
Identity card system
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0I2TupVniS3Wmpi68axmt_3AEuPaczCI66RcNzfY7S53So-Opt4tb2i-eGi8doA3VVRXXZ5Fh5jBSIXaIc1PeBUcRY_4HrXpb40kGM5oJrcGuSJjmkYfAMIKwVA5S6uUp9vIkVUlFKeY/s320/45487878.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0I2TupVniS3Wmpi68axmt_3AEuPaczCI66RcNzfY7S53So-Opt4tb2i-eGi8doA3VVRXXZ5Fh5jBSIXaIc1PeBUcRY_4HrXpb40kGM5oJrcGuSJjmkYfAMIKwVA5S6uUp9vIkVUlFKeY/s72-c/45487878.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/identity-card-system.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/identity-card-system.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy