මේ මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව බදු පනතට විරෝධය දක්වමින් එම බදු පනතේ පිටපතක් ගිනි තබා විනාශ කිරීමට මධ්‍යම පළාත් සභා මන්ත්...
මේ මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව බදු පනතට විරෝධය දක්වමින් එම බදු පනතේ පිටපතක් ගිනි තබා විනාශ කිරීමට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පියවර ගත්තේය.
මධ්‍යම පළාත් සභා සභාපති එල්.ඩි.නිමල්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පැවති මාසික රැස්වීමේදී තම මේසය මත නැගී මන්ත්‍රීවරයා නව බදු පනතේ පිටපතට ගිනි තබා විරෝධය දැක්වීම හේතුවෙන් පළාත් සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මෙහිදී විරෝධය නොතකා දැඩි ස්වරයකින් අදහස් පළ කළ නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා කියා සිටියේ මෝඩ රජය මෝඩයාගේ දිනයේ සිට ක්‍රියාත්මක කරන බදු පනත හරකා දෙවරක් මස් කරන බදු පනතක් බවයි.
දවල්ට කෑවොත් රෑට කන්නේ කොහොමද කියා ලතැවෙන ජනතාව මත දිගින් දිගටම බදු පනවා මහ බැංකු වංචාවෙන් රටට අහිමි වූ රුපියල් බිලියන ගණනාවක මුදල් පියවා ගැනීමේ අසාධාරණ වෑයමක රජය නිරතව සිටින බවද ඒ මහතා කීය.
(කමල් සුරවීර - මහනුවර)
COMMENTS