Covid - 19 වෛරසය ආසාදනය වූවන් ඇසුරු කළ පුද්ගලයන් 42000ක් දිවයින පුරා සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර ඇති ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්...
මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇති බවත්, ඉදිරි දිනවලදී පොළොන්නරුව, කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහල, යාපනය, මහරගම - අපේක්ෂා යන රෝහල්වල ද මෙම පරීක්ෂණ ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර තිබේ.
රජයේ වෛද්‍යවරුන් විසින් මාධ්‍යට කර ඇති ප්‍රකාශයන් අසත්‍ය බවට ජාසිංහ මහතා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ බරපතල තත්ත්වයක් ඇතිවී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පරීක්ෂණ කරන්න ජාසිංහට කිව්වා
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකුද වන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා නෙත් නිවුස් වෙත සදහන් කළේ හදුනා ගෙන ඇති රෝගීන් සමග සබදතා පැවැත්වූ 42,000 කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයින පුරා හදුනා ගෙන ඇති බවයි.
එසේම, එනිසා එම පිරිස වහාම කොරෝනා පරීක්ෂණයට භාජනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාට දැනුම් දුන් බව එම සංගමයේ උප ලේකම් නවීන් ද සොයිසා මහතා මාධ්‍යට පවසා තිබිණි.
GMOA එක ජනපති රැවැට්ටුවා - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
මේ අතර පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සාමාජික වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ජනපතිවරයා රැවැට්ටූ බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාර කළ අය අත්අඩංගුවට
Covid-19 වෛරසය මැඩපැවැත්වීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමේ අදහසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන ගිය පිරිස් ද පසුගිය දිනවල අත්අඩංගුවට ගත් අතර ඒ අනුව තවත් සැකකරුවන් 9 දෙනෙක් ඊයේ (09) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරන බවද පැවසේ.
-srilankamirror

COMMENTS