රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට ඒකාබද්ධ විපක්‍ෂය විසින් පිහිටුවන ආණ්‌ඩුවක සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාට ඒකාබද්ධ විපක්‍ෂය විසින් පිහිටුවන ආණ්‌ඩුවක සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමේ බලාපොරොත්තුවක් ඇතැයි මාලබේ සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහට ලිඛිතව දැනුම් දී ඇත.
සෞඛ්‍ය ඇමැතිවරයා වීමේ අපේක්‍ෂාවෙන් වෛද්‍ය පාදෙනිය මහතා මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දකිමින් පන්සල් ගානේ යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අගමැතිවරයාට යවා ඇති ලිපියේ දැක්‌වේ.
වෛද්‍ය පාදෙනිය මහතා ආණ්‌ඩුවේ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කරමින් සිටින්නේද මෙකී අපේක්‍ෂාවන් වෙනුවෙන් බව පවසන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පාදෙනිය මහතා ඉක්‌ටා ගිවිසුමට එරෙහිවද මහා සංඝරත්නය සමග සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් කර තිබේ.
එමෙන්ම රටේ විකිරණවේදී වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඉන්දියාවේ සිට විකිරණවේදී වෛද්‍යවරුන් දෙදෙනෙකු ගෙන්වා ගැනීමට තමන් තීරණය කර ඇතැයිද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අගමැතිවරයා වෙත යවා ඇති ලිපියේ දැක්‌වේ.
COMMENTS