කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළා ඇසුරු කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. ඒ, ඔ...
කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළා ඇසුරු කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරෙක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
ඒ, ඔහු අදාළ සෙබළා සමඟ සාදයකට සහභාගිවීම හේතුවෙන්.
අද පෙරවරුවේ මොහු සේවය කරන අනුරාධපුර ඩිපෝවේ අනෙකුත් සේවකයින් ද වෛද්‍ය පරීක්ෂණයටද යොමු කෙරුණු අතර, එම භූමිය විෂබීජහරණය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක.
පොළොන්නරුව - පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි මෙම සෙබළා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ පොළොන්නරුව - ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12 ක් හුදකලා කිරීමට ඊයේ පියවර ගැනුනා.
එම ගම්මානවල පවුල් හයදහසකට අයත් පුද්ගලයින් 22,000 ක් පමණ ජීවත්වන බවයි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බුද්ධික පරාක්‍රම ධර්මසේන කියා සිටියේ.
එමෙන්ම අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් ඇතුලූ ඍජු සබඳතා පැවැත්වූ 44 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුනා.
මේ වනවිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, එම ගම්මානවලින් පිටවීමට හෝ ඇතුලූවීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවටයි වාර්තා වෙන්නේ.
COMMENTS