දේ ශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ගරු සභාපතිතුමා, මැතිවරණ කොමිෂන් සභාව...
දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ගරු සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ මහලේකම් කාර්යාලය,
රාජගිරිය.
ගරු සභාපතිතුමණි,
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක‍්‍රියාකලාපය හෙළා දැකීම.
සර්වජන ඡන්ද බලය හරහා ගොඩනැගෙන පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් මහාමැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීම පිළිබඳව ඔබතුමා ප‍්‍රමුඛ මැතිවරණ කොමිසම වෙත දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය සිය ස්තූතිය පල කර සිටී.
ශ‍්‍රී ලාංකික මැතිවරණ ඉතිහාසය විමසා බැලීමේදී අතිශ්‍යයෙන්ම දුෂ්කර අවස්ථාවලදී ඉතා සාර්ථක ලෙස මැතිවරණ පැවැත්වූ ස්වර්ණමය ඉතිහාසයක් හිමි පෙර දෙපාර්තමේන්තුවක් වූ වර්තමාන මැතිවරණ කොමිසමටද යෝජිත මහාමැතිවරණය, ඔබතුමාගේ නායකත්වය යටතේ සාර්ථකව මෙහෙයවිය හැකි බව අපගේ විශ්වාසයයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ‘යම් වෘත්තීන්හී හෝ පරිපාලන ක්ෂේත‍්‍ර වල හෝ විශිෂ්ඨතා හිමිකරගෙන සිටින තැනැත්තන්’ කොමිෂන් සභාවේ සාමාජිකයන් විය යුතුය යන්න සඳහන්වේ. එවන් කීර්තිමත් පුරවැසියන් අතරින් ඔබ කොමිසමට සාමාජිකයන් පත් කොට ඇත. එහෙත් ඔබ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතාගේ ක‍්‍රියාකලාපය හා ඔහුගේ භාවිතාවන් ‘යම් වෘත්තීන්ගේ හෝ පරිපාලන ක්ෂේත‍්‍රවල විශිෂ්ඨතා හිමිකරගෙන සිටින තැනැත්තෙකුට’ නොගැලපෙන බව සමාජගතවෙමින් පවතින ජනමතයයි.
එම මහාචාර්යවරයාම පවසන පරිදි කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් ඔහුටද මතයන් දැරීමේ අයිතිය අපද පිළිගනී. එහෙත් ඉතාමත් ප‍්‍රාථමික ආයතනයක සාමාජිකයන් පවා ගෞරවයෙන් ආරක්‍ෂා කරන ‘සාමූහික වගකීමෙන්’ මිදී තම මතය වෙනුවෙන් මාධ්‍ය සංදර්ශණ පැවැත්වීම පිළිකුල් සහගතය.
පවතින සෞඛ්‍ය ගැටලූව කළමණාකරණය කරගනිමින් මහාමැතිවරණය පවත්වා විසුරවන ලද පාර්ලිමේන්තුව සඳහා නව නියෝජිතයන් පත්කොට ‘ව්‍යවස්ථාදායකය’ යළි ස්ථාපිත කිරිමද ඉතා වැදගත් ප‍්‍රමුඛ කාර්්‍යයන් බව අප පක්‍ෂයේ මතයයි.
මන්දයත් පසුගිය වකවානුවේ සිදු කරන ලද අ¥ර දර්ශී ක‍්‍රියාවන් නිසා දුර්වලවූ ශ‍්‍රී ලංකා රාජ්‍යයත් – කොරෝනා වසංගතය හරහා ගොඩනැගෙමින් පවතින තත්වයන්ටත් මුහුණදීම සඳහා හැකියාව ඇති ‘දේශපාලන ස්ථාවරත්වය’ ඉතා ඉක්මනින් ගොඩනැගිය යුතු නිසාවෙනි.
එහෙත් එම කාර්්‍ය ව්‍යාකූලත්වයට පත්වන ආකාරයේ හැසිරීම් හා ක‍්‍රියාකාරකම් ඔබ කොමිසමේ සාමාජිකයන් තුළින් සිදු නොවනු ඇතැයි නියෝජිත ප‍්‍රජතන්ත‍්‍රවාදය ගරුකරන තම පරමාධිපත්‍ය බලය පිළිබඳව සංවේදී පුරවැසියන්ගේ බලාපොරොත්තුවයි.
ඔබට මෙම ලිපිය යොමුකිරීමේ අරමුණ හුදෙක් පුද්ගලයෙකුගේ ක‍්‍රියාකලාපයන් විවේචනය කිරීමක් නොව ජනතා විශ්වාසය දිනාගත් ‘මැතිවරණ යාන්ත‍්‍රණය’ මෙහෙයවන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තුළින් ජනතාව බලාපොරොත්තුවන ‘විශිෂ්ඨත්වය’ ඉල්ලා සිටීමකි.
මෙයට – විශ්වාසී,
සුගත් හේවාපතිරණ
ප‍්‍රධාන ලේකම්

COMMENTS