පා ස්කු බෝම්බ ප්‍රහාරය සිදුවී අදට වසරකි. කාලය මෙතරම් වේගයෙන් ඉදිරියට ඇදී ගොස් ඇතත් මේ ප්‍රහාරයෙන් බැට කෑ ජනතාවට නම් ඒ මූසල දවස අද ඊයේ වාගේ...
පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවී අදට වසරකි. කාලය මෙතරම් වේගයෙන් ඉදිරියට ඇදී ගොස් ඇතත් මේ ප්‍රහාරයෙන් බැට කෑ ජනතාවට නම් ඒ මූසල දවස අද ඊයේ වාගේය. තම දෑස් ඉදිරිපිට මිය ගිය ළබැඳි සාමාජිකයන්ගේ මතකය ඒ තරමටම ඔවුන්ගේ හදවත්වල තැන්පත් වී ඇත. ඔවුන් තවමත් ජීවත්වන්නේ ඒ වේදනාබර මතකයන් සමඟය.
“කොහොමද මහත්තයා අමතක කරන්නේ. ඒ නැති වුණේ නිකම්ම නිකන් මිනිස්සු නෙමෙයි. අහිංසක මිනිස්සු. අපේම මිනිස්සු. එසේ කියන්නේ මේ ප්‍රහාරයෙන් බැටකෑ කටුවාපිටියේ ස්ටැන්ලි නිශ්ශංකය.
ඔහුගේ පවුලේ සාමාජිකයන් තිදෙනකු කටුවාපිටිය පල්ලිය තුළදී දරුණු ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබිණි. වාසනාවට ඔහුගේ ලේලිය හා මිනිබිරිය සම්පූර්ණයෙන් සුවපත් විය. එහෙත් බිරිය තවමත් රෝගීවය.
“එයාගේ කන් ඇහෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ජීවිතය බේරාගත්තත් ඒ අපහසුතාව තවම තියෙනවා. මොනවා කරන්නද. අපි කාටවත් වරදක් කරලා නැහැ. පල්ලියට ගිය අපිටයි බෝම්බ ගැහුවේ. ස්ටැන්ලි මහතාට ඒ බෝම්බ ප්‍රහාරය සිදුවීම් අදටත් මතකය. ඒ මතකය කවදා කෙසේ අවසන්වේවි දැයි ඔහු දන්නේ නැත.
මේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තම බිරිය ගැන කතා කරන නිමල් අප්පුහාමි කියන්නේ වෙනම කතාවකි.
“මම පුංචි දියණියක් ඉන්න තාත්තා කෙනෙක්. මට දැන් රස්සාවකටවත් යන්න බැහැ. මොකද මගේ බිරියට තවම ඇවිදින්න බැහැ.
ඇය වගේම දියණියත් මේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. දින 14ක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබා දියණිය ගෙදර ආවා. හැබැයි බිරියට ඇවිදින්න බැරිව එක්තැන් වුණා.
නිමල් බලාපොරොත්තු වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබන ඇය ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වේවි කියාය. ඔහු ඒ සිතුවිල්ල සමඟ ජීවත් වන්නේ සුබවාදී සිතුවිලි ඇතිවය.
මේ ප්‍රහාරයෙන් පස්සේ පවුල් කීයක් නම් අසරණ වුණාද? මම හිතන්නේ කාලය ගෙවෙන්න නොදී ප්‍රහාරයට වගකිවයුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අලුත් රජයෙන් අපි ඒ දේ බලාපොරොත්තු වෙනවා. කාදිනල්තුමා කියන විධියට අපි ඉවසීමෙන් මේ දිහා බලාන ඉන්නවා.
කටුවාපිටිය ප්‍රහාරයේදී අන්ත අසරණ තත්ත්වයට පත්වූ ප්‍රදීප් සුසන්ත තවමත් හිතන්නේ තමන්ගේ පවුලේ අය සමඟය. ඒ සැබෑවට නොව මතකය එක්කය.
මම තනි වුණේ නිකම්ම නෙවෙයි. මගේ දරුවෝ තුන්දෙනා සහ බිරියත් නැතිවයි. මේ හැමෝම එක්ක ජීවත්වුණු නිවාස දිහා පවා මම තවම බලන්නේ නැහැ. මහ ගෙදරට ඇවිත් නැවතිලා ඉන්නවා.
අවුරුද්දක් ගෙවී ගියාට මට ඒ කාලය එතරම් දිගු නැහැ. ඊයේ වගේ තමයි හිතට දැනෙන්නේ.
තමන්ගේ දරු පවුල අහිමි වූ දා සිට සුසන්ත හැම දවසකම සුසාන භූමියට ගොස් ඉටිපන්දම් දල්වා ඔවුන්ට කතා කළේය. හිතේ ඇති දුක කීවේය. ඒත් පාස්කු සිදුවීමට වසරක් පිරෙන දා ඔහුට ඒ දුක කියන්නට ඉඩක් නැත. කතා කරන්නට ඉඩක් නැත. ඇඳිරි නීතිය ඊට හරස් වී ඇත.
මට මාසයක් කනත්තට යන්න බැරි වුණා. ඒ නිසාද මන්දා මට දැන් රෑට හීනෙන් මගේ දරුවෝ පේනවා. බිරියව දකිනවා.
සුසන්ත මාස කීපයකම සිට මියගිය දරුවන්ට හා බිරිය සිහිකොට දානමය පින්කමක් සූදානම් කිරීමට සිතා සිටියේය. පල්ලියේ දේව මෙහෙය හා සුසාන භූමියේ පැවැත්වීමට නියමිතව තිබූ ආගමික වැඩකටයුතුවලින් පසුව ඔහුගේ දානමය පින්කම පැවැත්වීමට සිතා සිටියේය. එහෙත් ඒ දේ කිරීමට පවා ඉඩක් දැන් ඔහුට නැත.
මම ඇඳිරි නීතිය ඉවත් කරපු සැණින් දුප්පත් පවුල් කිහිපයක් තෝරාගෙන ආහාර බඩු පාර්සල් දෙනවා. මගේ දරුවන්ට බිරියට මම පින් දෙන්න ඕනේ. ඒ වගේම මම කැමැතියි මම මැරුණු දවසට මගේ මළකඳත් ඒ ගොල්ලෝ වළ දාපු තැනින්ම වළදානවට. ඒක තමයි මගේ එකම එක ආසාව. බලාපොරොත්තුව. සුසන්ත හිමිහිට කීවේ ඇඬුම් ස්වරයෙනි.
දරු දෙදෙනා හා ස්වාමි පුරුෂයා අහිමි වූ කුමාරි ප්‍රනාන්දුත් එවැනි ගැහැනියකි. ඇය තවමත් ජීවිතය ගෙවන්නේ ඇඬ කඳුළිනි.
මම අම්මා කෙනෙක් හැටියට කොයිතරම් බලාපොරොත්තු ඇතිවද ජීවත් වුණේ. බිරියක් හැටියට ස්වාමිපුරුෂයා එක්ක මොන තරම් අනාගතය ගැන කතා කළාද? ඒ සේරම වතුරට ගහගෙන ගියා. මම දැන් ජීවත් වෙන්නේ මැරෙන්න බැරිකමට. පල්ලිය අපිව බලාගන්නවා. කාදිනල්තුමා ජීවත් වෙන්න ඕන විධිය කියා දෙනවා. එහෙමයි අපේ ජීවිත ගෙවෙන්නේ.
සහරාන්ලාගේ ප්‍රහාරයට ගොදුරු වූ ජනතාව අතරින් අපි මේ කතා කළේ කීපදෙනකු සමඟය. තවත් කතාකරන බොහෝ පිරිසක් බලාපොරොත්තුව සිටින්නේ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනතුරුය.
මේ වන විටත් සමහර අයව අත්අඩංගුවට ගන්නවා. එහෙම අරගෙන මෙහි සුලමුල හරියට සොයන්න ඕන. අලුත් ආණ්ඩුව ඒක හරියට කරාවි කියලා අපි බලාපොරොත්තුව ඉන්නවා.
මමත් දරුවෝ වගේම බිරිය නැතිවුණු මනුෂ්‍යයෙක් මහත්තයා. අපි බලා ඉන්නේ ඒ මැරුණු අයට සාධාරණය ඉටුවන තුරුයි. එසේ කීවේ ශිරාන්ය.
ඛේදවාචකයක් පහසුවෙන් අමතක කළ නොහැකිය. ඊට මුහුණ දුන් මිනිසුන්ට ඒ වේදනාව සදාකල් මතකයේ රදා පවතින්නේය. ඊට දින වකවානු පරණවීම් කෙසේවත් බලපාන්නේ නැත. ඥාති මිත්‍රාදීන්ගේ වියෝව ඒ තරම්ම පහසුවෙන් අමතක කළ නොහැකිය
සමන් ප්‍රියංකර නම්මුනිගේ

COMMENTS