ජනතා සුබවාදී, ජනතා හිතවාදී, ගොවි, කම්කරු, වැඩකරන ජනතාවට සහන සලසන වැඩපිළිවෙලක් ඉදිරි මාස 18 ඇතුළතදී ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්...
ජනතා සුබවාදී, ජනතා හිතවාදී, ගොවි, කම්කරු, වැඩකරන ජනතාවට සහන සලසන වැඩපිළිවෙලක් ඉදිරි මාස 18 ඇතුළතදී ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පක්ෂ ප්‍රතිසංවිධානයට සමගාමීව ආණ්ඩුවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. මොකද බලයේ ඉන්න පක්ෂය අපි. එතකොට අපි අවුරුදු 3ක් කරගෙන ආපු වගේ යම්කිසි අඩුපාඩුවක් හින්දා තමයි අපිට ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාව යම්කිසි පාඩමක් ඉගැන්වුවේ. ඉතින් අපි ආපු මාර්ගය වෙනස් කරලා. ජනතාවට වඩා ආකර්ශනීය මාවතකට අපි විවර වුණේ නැත්තම් අපිට ඉදිරියේදී ප්‍රතිසංවිධාන නෙවෙයි මොනවා කළත් වැඩක් නැහැ. මම හිතන්නේ වැදගත්ම දේ පක්ෂ ප්‍රතිසංවිධානයට එහා ගිය දැවැන්ත ජනතා සුබවාදී, ජනතා හිතවාදී, ගොවි, කම්කරු, වැඩකරන ජනතාවට සහන සලසන වැඩපිළිවෙලක් ඉදිරි මාස 18 ඇතුළතදී ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි විශ්වාස කරන්නේ. අපි අවුරුදු 3ක් කිසිදු වෙනස් කිරීමකින් තොරව අපි තෙල් මිල අඛණ්ඩ පවත්වා ගෙන ආවා. ඉතින් මම හිතනවා අපි යම්කිසි වැඩි කිරීමක් කරත් මේ මාධ්‍ය තුළින් 2014 තෙල් මිල පිළිබඳව මතක් කරලා දීමක් කරන්නේ නැහැ කියලා.”
COMMENTS