දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්
Homeප්‍රවෘත්ති

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්

PropellerAds

ඇඳිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට තිරීණය කර ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ...

දුම්රිය බෝම්බ සිද්ධිය: බොරු කී ශිෂ්‍යාවට ඇප
දක්ෂිණ අධිවේගීයේදී ගැබිණි කාන්තාවක් ගිලන් රියෙන් ඇද වැටෙයි
එජාපය හදිසියේ රැස්වී ගත් තීරණය මෙන්න
ඇඳිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට තිරීණය කර ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

මේ නිසා මෙවැනි වෙළදුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අත්‍යවශ්‍ය සේවා බල පත්‍රලාභීන් රජයේ උපදෙස් අනුව නියමිත මිලට හා නියමිත ප්‍රමිතියට අනුව භාණ්ඩ අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කරන ලෙසද ඇමතිවරයා  ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඇදිරි නීතිය පවතින කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ සටහන 80% ක් පමණ සාර්ථක බවත් ඒ සදහා ප්‍රාදේශිය ලේකම්වරු, පළාත් පාලන නියෝජිතයන්, ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් ඇතුළු සියළු ක්ෂේත්‍රවල නිළධාරීන්ට සිය ප්‍රසාදය පල කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි සති දෙක තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින කිසිවෙකු ඉන් පිටතට නොයැවීමටත් දිස්ත්‍රික්කයෙන් පිටත සිටින කිසිවෙකු දිස්ත්‍රික්කය තුලට පැමිණීම  සීමා කිරීමටත් රජය තීරණය කර ඇති බවද කීවේය.

සමූපකාරය මගින් ප්‍රාදේශිය ලේකම්වරු හරහා බල පත්‍ර ලබා දී ඇති වෙළදුන්ට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිහිටි, ආබාධ සහිත ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කීවේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්, බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධ්‍ය වේදීන්, වැනි, පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති සියලුම දෙනාට මෙම දීමනාව ලබා දිය යුතු බවයි.

එමෙන්ම පිට පලාත්වලින් පැමිණ මේ වන විට සිය ගම් බිම් වලට යාමට නොහැකිව කිසියම් අයෙකු ඇත්නම් ඔවුන්ටද මෙම දීමනාව ලබා දිය යුතු බව ඇමතිවරයා කීවේය.

ඒ අනුව මේ සියළුම දෙනා වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරිණ.

මෙහිදී අනාවරණය වූයේ මෙම දීමනාව ලබා දීම සදහා රුපියල් මිලියන 300 ක මුදලක් දැනටමත් ඒ සදහා වෙන් කර ඇති බවයි.

එම මුදල් අදාල ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත මුදා හැර ඇති බවද දිස්ත්‍රික් සුනිල් ජයලත් මහතා මෙහිදී කියා සිටියේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් මෙන්ම පානීය ජල ගැටලුවලටද මුහුණ දෙමින් සිටින බවයි.

දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන මගින් දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රශ්ණයට මුහුණපා ඇති ජනතාවට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩ සටහනක් කඩිනමින් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්
වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමේ තිරීණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO3P6PQEVOqkYKkcBXEHU-UJyOQ9b8aqch1t57xSpstGf1WYpIBeJOK9fkiNEaVdHZs2nJRqr0e1Ga3eYrFeatjIuQ35rc5-R6IUCEd4br27Xy3ZSL2uosPs1zsEmKvR-8AyjgYxgVdgMu/s320/prasanna-ranathunga-corona.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO3P6PQEVOqkYKkcBXEHU-UJyOQ9b8aqch1t57xSpstGf1WYpIBeJOK9fkiNEaVdHZs2nJRqr0e1Ga3eYrFeatjIuQ35rc5-R6IUCEd4br27Xy3ZSL2uosPs1zsEmKvR-8AyjgYxgVdgMu/s72-c/prasanna-ranathunga-corona.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy