දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඇත්ත කියමු !: ඇත්ත ලියමු !" මාධ්‍ය සංවිධාන එකට එත්වෙති
Homeප්‍රවෘත්ති

"ඇත්ත කියමු !: ඇත්ත ලියමු !" මාධ්‍ය සංවිධාන එකට එත්වෙති

PropellerAds

මාධ්‍ය සංවිධාන 18ක එකමුතුවෙන් “භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා “ඇත්ත කියමු ! ඇත්ත ලියමු !” තේමාව යටතේ සමාජ මාධ්‍ය තුළ ප්‍රච...

"ජනතාව තීරණය කරනකල් මහින්දට ඉවසන් ඉන්න වෙනවා" -ෆොන්සේකා
ජනපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දයාසිරිගෙන් ඉඟියක්
ඉදිරි සතියේ සියලු පක්ෂ සමඟ 20 ගැන සාකච්ඡා කරන්න ජවිපෙ සැරසෙයි
මාධ්‍ය සංවිධාන 18ක එකමුතුවෙන් “භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා “ඇත්ත කියමු ! ඇත්ත ලියමු !” තේමාව යටතේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

එම සංවිධාන වල මූලික අරමුණ වී ඇත්තේ මේ දිනවල සිදුකරනු ලබන සියලුම පුවත් වාර්තා කිරීම් ඉතා වගකීම් සහගතව සිදු කිරීමට සිදුළු මාධ්‍යවේදීන් පෙළ ගැස්වීමයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SWJA), මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA), තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), නිදහස් මාධ්‍ය සංසදය, තරුණ ක්‍රිස්තියානි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාතික ජනමාධ්‍ය හා ලේඛක කවය, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, Jaffna Press Club, Eastern Province Journalist Forum, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF), අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA), දෙමළ මාධ්‍ය සංසදය, මාතර මාධ්‍යවේදියෝ, වත්තල තරුණ ජනමාධ්‍ය එකමුතුව හා අනුරාධපුර මාධ්‍යවේදී එකමුතුව මෙසේ මේ සඳහා එකතුවී තිබේ.

අදාළ සමාජ මාධ්‍ය පෝස්ටුව පහත දැක්වේ.



පොලිස් නිවේදනයකට මාධ්‍ය සංවිධාන කනස්සල්ලෙන් !

මීට අමතරව, ඉකුත් අප්‍රේල් 01 වැනිදා “අන්තර් ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ පළකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර” යනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන සිය කනස්සල්ල පලකර තිබේ.

දෙමළ මාධ්‍ය සංසදය (TMA), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SWJA), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (YJA) ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

"අදහස් ප්‍රකාශනයේ හා භාෂණයේ අයිතිය කෙරෙහි යම් සීමාවන් පවතින නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සෙසු අයිතිවාසිකම් ගණනාවකද පදනම වන හෙයින් ඒ හා සබැඳි කාරණාවකදී ක්‍රියාත්මක විය යුත්තේ වඩාත් වගකීම් සහගතව සහ පෘථුල අවබෝධයක් සහිතව බව” ද එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

මෙවැනි, ව්‍යසනයක් උද්ගතව පවතින අවස්ථාවක “ව්‍යාජ පුවත්” සහ “වැරදි තොරතුරු” සමාජගත වීම බරපතල හානියක් බව වගකිව යුතු මාධ්‍ය සංවිධාන ලෙස සිය සංවිධාන විශ්වාස කරන බවත්, එවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වාලිය යුතු අතර මේ තාක් අපද තනිවම හෝ සාමූහිකව එවැනි හානිකර තොරතුරු සමාජගතවීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බවද සඳහන් කර සිටියි.

එහිලා අපගේ අත්දැකීම වන්නේ මෙවැනි අවස්ථාවලට එරෙහි ප්‍රතික්‍රියා දැක්වීම යනු අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීම නොව “ව්‍යාජ පුවත් සහ වැරදි තොරතුරුවලට” එරෙහිව නිරවද්‍ය තොරතුරු හා සත්‍ය හැකිතාක් ජනතාවට බෙදාහැරීම බවත් එමගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමද ආරක්ෂා වන බවත් අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත්

“ එසේම මෙවැනි නිවේදනයක ඉලක්කය සමාජ ජාල පරිශීලකයින් පමණක් නොවිය යුතු අතර වැඩි ප්‍රේක්ෂක බලපෑමක් සහිත රූපවාහිනී සහ අවශේෂ ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලබන වර්ගවාදී සහ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්ද කිසියම් මාර්ගෝපදේශ මාලාවක් ඔස්සේ ව්‍යසන වාර්තාකරණයට අදාල යහභාවිතයට මඟ පෙන්වීම යුක්තිසහගත ය.
පොලිස් මූලස්ථානය නිකුත් කළ අදාල නිවේදනය සිංහල භාෂාවෙන් පමණක් නිකුත්වීම ද ගැටලු සහගතය. එමගින් සෙසු ප්‍රජාවන්ට දුර්භාවිතාවන්ගෙන් වැළකීමට ඇති අවස්ථාව දුරලයි. එමනිසා මෙවැනි කරුණුවලදී අදාලවන සියලු නිවේදන ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය හා නිල භාෂාවලින් නිකුත්කරන ලෙසද අප ඉල්ලා සිටිමු.

බරපතල ව්‍යසනයකදී නිරවද්‍ය හා සත්‍ය තොරතුරු පුළුල් ලෙස බෙදාහැරීම දිරිගැන්විය යුත්තේ, එමගින් මහජනයා තුළ වර්ධනය වන දැනුවත් බව හේතුවෙන්, ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම පහසු වන නිසාය. එබැවින් ව්‍යසනයට එරෙහිව ක්‍රියාකරන සියලු පාර්ශව මේ මොහොතේ තෝරාගත යුතු විකල්පය වනාහී නිරවද්‍ය හා විශ්වාසදායී තොරතුරු ජනගත කිරීමයි. මන්ද යත් දඬුවම් පැමිණවීම මගින් නිරවද්‍ය තොරතුරු සම්පාදනය කරන පිරිසද අකර්මන්‍ය විය හැකි නිසා ය. එසේම රාජ්‍ය නිලධාරීන්ගේ මෙහෙවර අගය කරන අතර ඔවුන් වැරදි සිදුකරන්නේ නම් ඒවා පිළිබඳ සාධාරණ විවේචනයක් කිරීමේ අයිතිය තිබෙන බවද අපි අවධාරණය කරමු.” මෙසේද සඳහන් වේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඇත්ත කියමු !: ඇත්ත ලියමු !" මාධ්‍ය සංවිධාන එකට එත්වෙති
"ඇත්ත කියමු !: ඇත්ත ලියමු !" මාධ්‍ය සංවිධාන එකට එත්වෙති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaq2UCArL3BQeGH3zwLl2m3H7LfZRvxAbMmaLdhp1yTAHIrprmrtfHPxPz1CsVKkIpZsmbvKH0gIH0c-JS7U13myXdSqTZnCDyzVGfusNil3i20CIEu6_SiptooVofG1t6715fV0Axu4cB/s320/ea3973fa01adf70bd5d39b97d5384d7b_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaq2UCArL3BQeGH3zwLl2m3H7LfZRvxAbMmaLdhp1yTAHIrprmrtfHPxPz1CsVKkIpZsmbvKH0gIH0c-JS7U13myXdSqTZnCDyzVGfusNil3i20CIEu6_SiptooVofG1t6715fV0Axu4cB/s72-c/ea3973fa01adf70bd5d39b97d5384d7b_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy